(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැලණියේ පිහිටි සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරයේ වායු සමීකරණ යන්ත්‍රය අක්‍රීය වීම නිසා චිත්‍රපට පිටපත් විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
අදාළ වායු සමීකරණ යන්ත්‍රය කඩිනමින් පිළිසකර නොකළහොත් චිත්‍රපට ටේප් පට වසරක් දෙකක් ඇතුලත විනාශ වන්නේ යැයිද ඒවා එකට ඇලී ප්‍රදර්ශනය කරන්නට නොහැකි තත්ත්වයකට පත්වන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය කීවාය.
චිත්‍රපට සංරක්ෂණාගාරය කියා නම ගසා තැනක් තිබුණාට ප්‍රමාණවත් නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරිය එහි සිටින්නේ සේවකයන් හතර දෙනෙක් පමණක් බවද කීවාය.
ජන මාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව තාක්ෂණය භාවිතා කර මේවා සංරක්ෂණය කලහැකි බව තේරුම් ගත නොහැකි ගැහැනුන්ට ඇමතිකම් දෙන පාලකයින්ට දඩුවම් දියයුතුය. අතිවිශාල ගබඩා නඩත්තුවට ජනතා බදු මුදල් වැයකිරීම වහාම අත්හිටුවන්න.