(යොහාන් භාසුර)
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (8) පහළ යෑමක් ප්‍රදර්ශනය කරන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 171,900 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 187,500 ක් දක්වා ද, අද දිනයේ පහළ ගොස් තිබූ බවත් රත්තරන් අවුන්සයක මිල රුපියල් 4,000 කින් පමණ පහළ ගොස් එහි මිල රුපියල් 664,000 ක් බවට පත්ව තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ කීහ.
පෙර දිනය වන ඊයේ (7) කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 189,000 ක ද, රත්තරන් අවුන්සයක මිල රුපියල් 668,000 ක ද පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි හෙට්ටිවිදියේ දිග පොලිම් තිබුණේ ඔන්න බඩු මිල අඩුකළාම පෝළිම් හැදෙන හැටි...!