IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි  " කළම්බු කාගෝ "  නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (07) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම කූරියර් පාර්සල් 07 තුළ කුෂ් නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 08 ක් , මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 ක් , එක්ස්ටැසී පෙති 350 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .

මෙම පාර්සල් මාස දෙකක පමණ කාළයක් අයිතිකරුවන් රැගෙන නොගොස් තිබීම නිසා , එම පාර්සල්  වල සදහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ .

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .



අදහස් (2)

කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි

විපරමා Thursday, 07 December 2023 05:52 PM

මත්ද්‍රව්‍ය අල්ලන එකෙත් ඉවරයක් නැහැ. අල්ලන ඒවාට මොනවා වෙනවාද කියන එක තමයි අවුල...

:       0       0

Kamal abayatilaka Thursday, 07 December 2023 06:42 PM

ඇත්තටම මේ කිලෝ සියය ගණන් අල්ලන මත්ද්‍යවලට මොනවද වෙන්නේ කියල මේ මාධ්‍ය කට්ටියවත් හොයන්නේ නැතිහැටි. ඇත්තටම මොනවද වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site