
( රොමේෂ් මධුෂංක)
කිලිනොච්චිය කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලුතුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් මෙම පාලම මතින් ඊයේ (07) සවස යතුරුපැදියක් ගමන්කරන අවස්ථාවේදී එකවරම පාලම කඩාවැටී තිබේ.
යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල අතර තවද එම ස්ථානයෙන් පාගමනින් ගමන්ගත් දෙදෙනෙකුට සුලු තුවාල සිදුව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බලපු ඉංජිනේරුවා අල්ලා දඬුකඳේ ගැසිය යුතුයි.
කඩාන වැටුනට මොකද කොමිස් කුට්ටිය සාක්කුවේ නේ
කොන්ත්‍රාත්කරුට හෝ වැඩ බැලූ නිලධාරියාට බැනීමට ඉක්මන් නොවන්න. මෙය සැලසුමේ වැරැද්දක්... කොන්ක්‍රීට් බැම්මේ ඝනකම මදිවීමක් නිසා වීමට ඉඩ ඇත...