IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කපුවාගේ පහරකෑමෙන් අයෙක් මරුට:කාන්තාවක් රෝහලට

(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)

වාකරේ මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කපුවෙකු විසින් සිදුකළ බව කියන  පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි වාකරේ පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ පූනානි ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

වාකරේ මාන්කේනි ප්‍රදේශයේ කාන්තාවක පහළ කෑමට ලක්ව මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවටත් ඇය සමග සිටි ඇගේ සහෝදරයා පිළිබඳ කිසිම තොරතුරක් නොමැති බවට ලද පණිවිඩයක් මත පොලිස් විමර්ශන ආරම්භ කෙරිණි.

පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රෝහල්ගතව සිටින කාන්තාව සහ ඇගේ සහෝදරයා මාන්කේනි  ප්‍රදේශයේ දේවාලයකට ඉකුත් (6) වැනිදා  පැමිණ ඇති බවත්  එහිදී දේවාලය පවත්වාගෙන යනු ලබන කපුවා සමග ඇතිවූ බහින්බස්වීමකදී මෙම පහරදීම සිදුවී ඇති බවය.

 



අදහස් (4)

කපුවාගේ පහරකෑමෙන් අයෙක් මරුට:කාන්තාවක් රෝහලට

Perera Friday, 08 December 2023 08:57 AM

වන්ඩින්න ගිය දේවාලෙ ඔලුවෙ කඩාගෙන වැටිල්ලට වඩා අන්ත සිදුවීමක්.

:       0       1

ලුම්බිණි Friday, 08 December 2023 09:38 AM

දේවාලේ දෙවියට බැරි උනාද මේ මිනිහගේ ජීවිතේ බේරා ගන්න.

:       0       3

පැරකුම් Friday, 08 December 2023 10:33 AM

එහෙම වෙන්නේ කොහොමද? කපුවාගේ පැත්තේනේ…!

:       0       4

Bamunuarachchi Friday, 08 December 2023 11:56 PM

අන්තිමට කපුවා කපෝති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site