IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මන්ත්‍රීවරුන් බයිට් කරන කෙනෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී  සමච්චලයට ලක් කරන( බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ  බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

මේ පුද්ගලයා තමාටත් ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරියටත් දුරකතන ඇමතුම්දී  හෑල්ලුවට ලක්වන ආකාරයට කතා කළ බවද ඔහු සඳහන් කළේය.

දසනායක මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසීය.

මේ පුද්ගලයාගේ නම  සහන් ගනේගොඩ. මෙයා හිතුවේ නෑ මම එයා හොයා ගනීවි කියලා. පැයක් ඇතුළත මම හොයා ගත්ත. මෙයා අරගලයේ හිටපු කෙනෙක් යුද හමුදාවෙන් පැනල ගියපු කෙනෙක්. ඒ වගේම මෙයාට කාන්තා දූෂණ නඩු අපරාධ රැසක් තියෙනවා. පොලිසි බර ගාණක මෙයාට විරුද්ධව පැමිණිලි තියෙනවා. හැබැයි මෙයාගේ පේජ් එකේ තියෙන්නේ විපක්ෂ නායකතුමාගේ ෆොටෝ එක.

අපිට මඩ ගහලා අපිව නැති කරන්න බැහැ. ඔය වගේ අපතයන්ට අපරාධකාරයන්ට  ඒ දේ කරන්න බැහැ. මේ කතා කරන්නෙ සූදනෙක් වගෙයි. මෙයා පට්ට හොරෙක්. මිනීමරුවෙක් මංකොල්ලකාරයෙක්. මේ රටේ පොලිසිවලින් මෙයා හොයනවා. මෙයා ගැන විමසිල්ලෙන්  ඉන්න කියලා මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා



අදහස් (10)

මන්ත්‍රීවරුන් බයිට් කරන කෙනෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක්

රහීම් Thursday, 07 December 2023 05:40 PM

ෂුවර් එකටම සජියගේ රූපෙ ගහගෙන සමාජ මාධ්‍යයේ පක්ෂේ පුම්බන්න හදන්නේ...

:       1       0

Dasa P Thursday, 07 December 2023 06:06 PM

දුවන පුහුල් හොඳ බයිට් එකට තමයි.

:       0       4

චින්තක Thursday, 07 December 2023 06:18 PM

සෑම දුරකථන පහසුකම් ලබන කෙනෙකුටම කතා කරන කෙනෙකුගේ නම දැනගැනීමට හැකිවෙනසේ ටෲකෝලර් පහසුකම් දෙනවා නම් ඔය තර්ජන ගර්ජන නැතිවී අපරාධ අඩුවෙන්න පුළුවන් කියලා හිතෙනවා

:       0       1

Nisha Thursday, 07 December 2023 08:26 PM

පව් අප්පා උඹලාව නම් දැන් බයිට් වෙලා ඉන්නේ .ගණන් ගන්නම එපා.

:       0       6

Amal Thursday, 07 December 2023 09:36 PM

මූව බයිට් කරල මදී. අපතය !!!

:       0       7

Perera Thursday, 07 December 2023 11:36 PM

මට නම් හොඳම බයිට් එක ඉස්සෝ වඩේ

:       0       4

විජේ Friday, 08 December 2023 04:26 AM

හත්පොලේ ගාගෙන කෑගහනවා යූටියුබ් එකේ තියනවා. ලැජ්ජයි ගරු ජනතා නියෝජිතයාණනි...

:       0       6

විජේ Friday, 08 December 2023 04:28 AM

අසූචි අනුභව කරන අයට මඩ කියන්නේ රජ බොජුන්...!

:       0       4

ලුම්බිණි Friday, 08 December 2023 04:29 AM

අනුන් ගැන ඔහොම කතා කරන්නේ ඔයා හොඳ කෙනෙක්ද?

:       0       5

සිරිබිරිස් Friday, 08 December 2023 12:59 PM

අපි නම් හොඳට ඇහුවා බඩතඩියා කුණුහරුප කියනවා දුරකථනයෙන්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site