(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යුක්‍රේන ප්‍රශ්නය ඇතිවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ක්ෂණිකව ඒ සම්බන්ධව ප්‍රතිචාර දැක් වූ ලෙසින් පලස්තීන ප්‍රශ්නයේදීත් විවෘත හා පැහැදිලි ස්ථාවරයක් ගත යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද පලස්තීන ප්‍රශ්නයේ හරි වැරැද්ද කළු සුදු මෙන් පැහැදිලි තත්වයක් බවද මන්ත්‍රීවරයා කීය.
යුක්‍රේන ප්‍රශ්නයේදී අනුගමනය කළ සිද්ධාන්ත,මූලධර්ම අනුව යමින් ජනපති විවෘත හා පැහැදිලි ස්ථාවරයක් ගත යුතුව තිබෙන බවද බාකීර් මාකර් මහතා පැවසීය.
නිවැරදි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් මිනිස් සංහාරය වහාම නතර කිරීමටත් කොන්දේසි විරහිතව වහාම සටන් විරාමයකට යාමටත් පැහැදිලිව හඬ නැගිය යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
මාස දෙකකට අධික කාලයක් තිස්සේ පලස්තීන භූමියට ඊශ්‍රායල ගුවන් හමුදාව බෝම්බ දමමින් සිටින බවත් ගාසාවේ උතුරේ සිටින පලස්තීනුවන්ට උපන් ගම්බිම්, වාසස්ථාන අත්හැර ජීවිත බේරාගෙන දකුණට යන්නැයි නිවේදනය කර තිබෙන බවත් ඉමිතියාස් බාකීර් මාකර් මහතා කීය. පාසල්, රෝහල්, වාසස්ථාන, ඉස්ලාමීය, ක්‍රිස්තියානි සියලු දේවස්ථාන භේදයකින් තොරව පොලවට සමතලා වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
මෙහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසූයේ රජයක් ලෙස පලස්තීන ජනතාව වෙනුවෙන් ලංකාව පෙනී සිටින බවයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී එම ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙන බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේනයට දුන් සැලකිල්ල පලස්තීන ප්‍රශ්නයටත් දෙන්න
සල්ලි Thursday, 07 December 2023 03:05 PM
උබට වෙන ප්‍රශ්න නැතිද බන්?
පියනන්ද Thursday, 07 December 2023 04:00 PM
ඔයාගේ ජාතියේ, ආගමේ අය අන්තවාදී වීම නතර කරා නම් මේ ප්‍රශ්නය ඇති නොවෙන්න තිබුණා. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ දිහාත් බලන්න.
Bamunuarachchi Thursday, 07 December 2023 06:07 PM
ඉස්ලාමීය ත්‍රස්තයින්ට උදව් කරන්න කියලා නේද මේ කියන්නේ? මොලේ මඥ්ඥන් වෙලාද? ඉස්ලාම් කාරයෝ අතුගාලා දාන්න ඕනේ වෙලාවේ ඒ අයට සපෝට් එක දෙන්නලු.
කමල් Thursday, 07 December 2023 10:35 PM
කොටි ත්‍රස්තවාදීන්ට අපේ සිංහල ගම්මානවලට පැනලා දරුවෝ අම්මලා තාත්තලා, ආච්චිලා, සීයලා කපලා කොටලා මරලා දාන්න පුහුණු කලේ හමාස් සංවිධානය. එතකොට හමාස්ලාට ඇමෙරිකාව උදව්කරන කාලේ... අද ඒකේ ප්‍රථිඵල ඔවුන්ට ඇස්පනාපිටම හම්බවෙලා තියෙනවා. එතකොට අරගලය කරලා අපේ රට පස්සට ඇදලා දාපු ඇමෙරිකාව ප්‍රමුඛ කැනේඩියානුවන්ට, යූරෝපීයයන්ට හා නැමිලා දෙන අරගල කරුවන්ට යුක්ක්‍රේනයේදී සුපිරියට කෑම ලැබෙනවා. බලන්න ස්වභාවධර්මය සලකන ආකාරය...!
chandima Thursday, 07 December 2023 11:02 PM
අර සමුළුවේදී හම්බ වුණු කවුරුවත් අඩුතරමින් ප්ලේන්ටියක් බොන්න කතාකළේවත් නැති කොට මොනවට ඒ ගැන සැලකිල්ලක් දක්වනවාද?
Shelton wijesiri Friday, 08 December 2023 06:14 AM
යුක්‍රේනය කියන්නේ රුසියානු ආක්‍රමිකයාට ගොදුරු වූ අහිංසක මිනිස්සු ඉන්න රටක්.පලස්තීනය කියන්නේ අසල්වැසි සාමකාමී ඊශ්‍රායල්්ජනතාව මරා දමන,ස්ත්‍රී දූෂණය කරන,කුඩා දරුවන් කපා කොටා මරා දමන ම්ලේච්ඡ හැතිකරක්.එනිසා පලස්තීනුවන් කිසිසේත් යුක්රේන ජනතාවට සම නොකල යුතුයි.
Yass Friday, 08 December 2023 08:40 AM
අනුන්ගේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්නේ නැතිව හිටියා නම් තමයි හොඳ ...