IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ වැස්සෙන් මාර්ග රැසක් වැහේ

(රංජිත් රාජපක්ෂ,සමන් පාලිත නානායක්කාර, එස්.ඩි.කොඩිකාර,සම්පත් ප්‍රියනනන්ද සහ ප්‍රසාද් රුක්මල්)

අධික වර්ෂාවත් සමග බදුල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා මාර්ගවලට පස් කඳු කඩාවැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන්  විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමග මාර්ගයට කඩා වැටි ඇති බව පොලිසිය කියයි..

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියළුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත් , මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

​මේ අතර  පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් දෙණියාය - රත්නපුර ප්‍රධාන මාර්ගය අනින්කන්ද ප්‍රදේශයේ කිලෝමීටර් 86, 87 කණු දෙක අතර ඉහළ පිහිටි කන්දක් නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය මුළුමනින්ම ඇන හිට ඇතැයි දෙණියාය පොලීසිය කියයි .

මාර්ගය යථා තත්ත්වය පත් කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය  රියදුරන් ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බිබිල ලුණුගල මාර්ගයට  පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනය අවහිර වී ඇති බැවින් හෙට (8) උදෑසන අට වෙන තෙක් රාත්‍රී කාලයේ එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලුණුගල බදුල්ල මාර්ගයේ එකසිය හැත්ත නව වැනි කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයට දැවැන්ත ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බවත් එක් මං තීරුවක් විවෘත කිරීමට උත්සාහ කළද පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් එයද අසාර්ථක වී ඇති බැවින් හෙට උදෑසන වෙනතෙක් මාර්ගය වසා තැබීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

පවතින අධික වර්ෂාවත් සමඟ නාය යාමේ අවදාමක් හේතුවෙන් බදුල්ල චෙන්කලඩි A-5 ප්‍රධාන මාර්ගයේ ලුණුගල අරවාකුඹුර 32කනුව බිබිල මාර්ගය අද (7) රාත්‍රි 9 සිට පසුදින උදෑසන 7..00 දක්වා වසා දැමූ බව ලුණුගල පොලිසිය පවසයි .

මේ නිසාවෙන් බදුල්ල පස්සර මැදගම බඩල්කුඹුර බිබිල මාර්ගය විකල්ප මාර්ගය ලෙස භාවිතා කරන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .

බළන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බළන්ගොඩ පින්නවල ප්‍රදේශයේදි විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට අද (08) දා සම්පූර්ණයෙන්ම බාධා සිදුව ව තිබෙි.

 



අදහස් (0)

මහ වැස්සෙන් මාර්ග රැසක් වැහේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site