(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.
මෙම තත්වය හේතුවෙන් රෝගීන්ට පෞද්ගලික පරීක්‍ෂණාගාරවලින් මුදල් ගෙවා රුධිර පරීක්‍ෂණ වාර්තා ගෙන ඒමට සිදුව ඇති බවත් රුධිර පරීක්‍ෂණ නතර වීමෙන් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවත් වෘත්තිය සමිති කියයි.
රුධිර පරීක්‍ෂණ නැවත ආරම්භ කරන දිනයක් අදාල බලධාරීන් ප්‍රකාශ නොකරන බව කී වෘත්තිය සමිති නියෝජිතයෝ මෙම තත්වය හේතුවෙන් අසරණ රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කළහ.
මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ බාහිර රෝගී අංශය ස්ථාපිත නව ගොඩනැගිල්ලේ වායු සමීකරණ (ඒ.සී.) පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇති බවත් එය එසේ වුවද ප්‍රධාන රුධිර පරීක්‍ෂණ ඒකකය හරහා රුධිර පරීක්‍ෂාවන් කරන බවත්ය.
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු එම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියේ ගෑස් කාන්දුවක් තිබීම නිසා එය සොයාගෙන යථා තත්වයට පත්කිරීමට දීනකීපයක් ගතවනු ඇති බවට චීන ජාතික නිලධාරීන් පවසා ඇති බවත් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් වැඩ අවසන්වීමට පෙර විවෘත කරන ලෙස බලකළේ ද වර්තමානයේ චෝදනා කරන ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයන් බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්‍ෂණ ලෙඩ වෙලා