(අංජුල මහික වීරරත්න)
නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ, බදු සහ විකිනීම තමයි පිනාගේ එකම ආර්ථික උපාය මාර්ගය වෙලා තියෙන්නේ. ඒකත් ඔවුන්ගේ සුඛවිහරණයට අවශ්‍ය මුදල් හොයාගන්න ලෝකය වටේ අන්තඃපුරය සමග රවුම් ගහන්න, දවස ගානේ තරු පහේ හෝටල්වල බාල් නටන්න, ඔවුන්ගේ පෙට්ට්‍රල් බිල්, ලයිට් බිල්, වතුර බිල් ටෙලිෆෝන් විතරක් නොවෙයි වැඩකට නැති අයට ආරක්ෂාව දෙන්නෙත් අපේ වියදමින්...!
කිසි ජනවරමක් නැති කෙනෙක් සහ දූෂිතයන් ටිකක් එකතුවෙලා ගන්න මේ තීරණවල සභ්‍යත්වය මොකක්ද?
බදුවැඩිකිරීම, දඩවැඩිකිරීම තව හොයහොයා අළුත් බදු සහ දඩ හඳුන්වාදීම ඇතිතරම් දේශීය හා විදේශීය ණයගැනීම විනා රටට හා රජයට ආදායම් ලැබෙන අපනයන ප්‍රවර්ධනය විදේශ හා දේශීය ආයෝජන ඉහළ නැංවීම දේශීය කර්මාන්ත නගාසිටුවීම ඔස්සේ ආර්ථිකය නගාසිටුවීමට කිසිඳු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන නිදිමත මන්දෝත්සාහී ආණ්ඩුවක්වීම රටේ ජනතාවගේ කරුමය මිස වෙන කුමක්ද?
රට බේරා ගන්න ආපු ජනාධිපති ඔහුට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයින්ට බදු සහන දීලා රජයේ ආදායම අහිමි කරගත් බව දැන් බොහෝ අයට අමතක වෙලා වගෙයි.. ඒ වගේම මොළ හතක් ඇති මුදල් ඇමති සහෝදරයා පත්තර අච්චු ගහනවා සේ මුදල් අච්චු ගසමින් භාණ්ඩාගාරයේ ඩොලර් ටික කොල්ල කාපු බවත් අමතකයි වගේ...ඒ හිගමුදල් වල බර හරක් පිටින්ම අදිනවා විනා, වෙන මොනවා කරන්නද..? ඒ කල පව් හෝදගන්න නේන්නම් මේ රටේ පින්ගුත්තරයින්ට මේ තරම් සලකලා තියෙන්නේ... ඉතින් මීහරක්ට තියෙන්නේ බදු හා වැඩිකළ දඩ මුදල් කලට වෙලාවට ගෙවලා පිනක් දහමක් කරගෙන සතුටින් ජීවත් වෙන්නේනේ.. කාටද ආඩම්බර... කන්න නැතත් දැන් අපට ජීවත් වෙන්න රටක් තියනවනේ.. ඒ මදිද..?