(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ සිවිල් ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් වැඩ නොකර පඩි ගන්නා බවත් කැමති නම් වන්දි මුදලක් ලබාගෙන සේවයෙන් ඉවත්වීමට වැඩපිළිවෙලක් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ළඟදීම හඳුන්වා දෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
එසේ ඉවත් වීමේදී දෙන වන්දි මුදල තවමත් තීරණය කර නැති බවත් සේවා කාලය සැලකිල්ලට ගෙන එම වන්දි මුදල තීරණය කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම රජයේ බලාපොරොත්තුව බවත් තිස් හතර දහසක් සිටින සිවිල් ආරක්ෂක බලකායට අලුතින් බඳවා ගැනීම 2015 වසරේ සිටින අවස්ථා ඇති බවත් ඔහු සඳහන් කළේය.
රටේ අවශ්‍යතාව අනුව ඔවුන්ගෙන් සේවයක් ලබා ගැනීම සිදු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
කොළඹට එව්වොත් එහෙම තියා ගන්නා ලෙස දේශපාලන අධිකාරියෙන් බලපෑම් එන බව පැවසූ දෙන්නකෝන් මහතා මේ අයට තෝරා ගැනීමට අවස්ථාවක් දෙන බවද ප්‍රකාශ කළේය.
රටේ අවශ්‍යතාව අනුව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බවත් එසේ කටයුතු කිරීමේ ගෙදර සිට සේවය කිරීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ කුමාරසිරි මන්ත්‍රීවරයා පැවසුවේ ලක්ෂ 50ක් වත් ගෙවන්නේ නම් සේවයෙන් ඉවත්වීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ පනහක්වත් දිල යවන ඒක සදරනයි
හරියට මෙයා ජනතාවට වැඩ කරලා, දීපු පොරොන්දු ඉටු කරලා සහ රට බංළොත් භාවයෙන් නිදහස් කරපුවා වගේ කතා. ඔක්කෝටම කලින් ඕගොල්ලෝ ගෙදර යන්න. නැත්නම් තියන්න ඡන්දයක් ගෙදර යවන්න.
ඇත්තටම හොඳ දෙයක් ඔබතුමාගේ තීරණය .කඩිනමින් ඉවත්ව යාමට අවස්තාව ලබා දෙන්න
රටේ අනිත් සේවාවල සේවකයන්ට දෙන වන්දිය ලක්ෂ විසිපහයි.මේ අයට පණහක් දෙන්නේ මොන විශේෂය වෙනුවෙන්ද?