(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ විවිධ පුද්ගලයන් මාදුරුඔය දකුණු ඉවුර ව්‍යාපෘතියට අයත් මහවැලි ඉඩම් අක්කර දහස් ගණනක් 2020 සහ 2021 වර්ෂවලදී නීති විරෝධීව අල්ලා ගැනීමෙන් බරපතළ ඉඩම් දූෂණයක් සිදු වූ බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මෙම ඉඩම් අල්ලා ගත් පුද්ගලයන් කවුරුන්දැයි කිසිවකු හෝ නොදන්නා බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ගොවි ජනතාවට දිය යුතු ඉඩම් මෙනිසා ඔවුනට අහිමිවූ බවද ප්‍රකාශ කළේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ සංචාරක සහ ඉඩම්, බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මාදුරුඔය දකුණු ඉවුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වසර තිහක් තිස්සේ සෑම රජයක්ම උත්සාහ දැරුවද ඊට මුදල් සොයා සොයා ගැනීමට නොහැකිවූ බවද ඔහු සඳහන් කළේය.
මහවැලි ඉඩම් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ගොවීන්ට බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අතරේ මල්ලිලාගේ නම් එහෙමත් තියෙනවා ඇති... ඒක නිසා වෙන්න ඇති, ‘පුද්ගලයින් නොදන්නා බව‘ පවසන්නේ...!
ඔව්, අනේ කොහොම හරි ඒ කැලෑවත් කපලා බඩ පුරවා ගන්න. යුද්දෙන් පස්සේ ඔය අයියලා මාරුවෙන් මාරුවට කළේ කැලෑ කපාගෙන බඩ ගෝස්තරේ පුරවා ගත්තු එකයි. හොර හැත්ත. නිකන් කිඹුල් කඳුළු හලනවා...
පොළොන්නරුවේ වැලි සහල් හොර ලි ජාවාරම් ඔක්කොම කලේ මේ පවුලේ මිනිස්සු , රාජපක්ෂ පවුල වගේ සිරිසේන පවුලත් මේ ජාවාරම් කල නැතිනම් මුන් එකපාරට බිලියන පතියෝ වුනේ කොහොමද ?
කොන්දක් නැති සෙවලයා. දැන් මූ කාළකණ්ණි අමන දොන් ජුවාට බයෙ නන්දොඩවනවා
නිශා ඔයානම් ඇඩෙන්නම දීලා.සහතික ඇත්ත ඕකුන් කැලේ කපලා තමා පොලොන්නරුවේ මිනිස්සුන්ට දවල්ටත් පාරක යන්න බැරි .හොර හැත්ත .බබාලා මුන් නිකන් තොත්ත බබ්බු වෙලා