(චමිල් රූපසිංහ)

කඩුගන්නාව හේනාවල ප්‍රාදේශීය රෝහලේ ඉදි කිරිමක නිරතව සිටි පුද්ගලයෙකු මතට පැරණි බැම්මක් කඩා වැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් අබේරත්න නැමැති තිස්තුන් හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය පුද්ගලයා තවත් කම්කරුවන් පරිසක් සමඟ රෝහලේ අවදානම් සහිත පැරණි බැම්මක් ඉවත් කිරීම සඳහා ඒ ආසන්නයෙන් නව බැම්මක් ඉදි කිරීමට පස් කපමින් සිටිය දී පැරණි බැම්ම ඔහු මතට කඩා වැටී ඇත.

පැරණි බැම්ම සමඟ කඩා වැටුණු පස් වලට යට වූ පුද්ගලයා බේරා ගැනීමට සෙසු කම්කරුවන් ඇතුළු පිරිස උත්සහ කර ඇතත් එය ව්‍යවර්ථවී තිබේ.

පස් හා ගල් වලට යටවී සිටි පුද්ගලයා පිටතට ගැනීමට පැය 1 1/2 ක පමණ කාලයක් ගතව තිබෙන අතර රෝහල් ගත කරන විටිත් ඔහු මියගොස් සිට  ඇති බව පොලිසිය කියයි.