
(රංජිත් රාජපක්ෂ සහ යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර 148/6 සැතපුම් කණුව අසල (06) දින පස්වරු 4 ට පමණ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසිය.
ඉදල්ගස්හින්න සහ ඔහිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට මෙසේ පස් කන්ද කඩා වැටි ඇති බවත්, දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගි ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා සිමා කරන බව එම නිලධාරින් පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd