
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගාල්ල කොටුවට ඇතුළු වන විට සංචාරකයන්ගෙන් ටිකට් අය කරන්නට යන බවට කතාවක් ඇතැයි ද ඒ ගැන හිතන්නවත් එපා යැයිද ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගාල්ල කොටුවට විශාල වශයෙන් සංචාරකයන් එන බවද ගාලු කොටුවේ පදිංචිකරුවන් ජීවිතය ගැටගසා ගන්නේ සංචාරක ව්‍යාපාරයෙන් බවද කී ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල කොටුවට පිවිසීමට ටිකට් ගැහුවොත් සංචාරකයන් එහි නොඑන බවද සඳහන් කළේය.
බුද්ධසාසන ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසූයේ ගාලු කොටුවට ඇතුළු වෙන්න මුදල් අය කරන්නට අදහසක් නැති බවයි. මුදල් අය කරන්නේ කෞතුකාගාර බලන්න පමණක් බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව කොහොමද පිනායි, අන්තඃපුරයයි නඩත්තු කරන්නේ...!
හැමදේම නිකන් දෙන්නේ ඇයි? මම අවුරුදු 34ක් යුරෝපයේ රටක ජීවත් වුණා. කිසිම දෙයක් නොමිලේ බලන්න දුන්නේ නැහැ. සාධාරණ මිලක් ගෙව්ව ටිකට් පතකට හැමෝටම එකම ගාණ...!