(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පාතාලය ඇතුළු පිටස්තර පුද්ගලයින්ට අලෙවි කර තිබු තවත් රිවෝල්වර ගිනි අවි දෙකක් සමග ව්‍යාපාරිකයන් තිදෙනකු අද සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
දැනට රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන එම අධිකරණයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සේවකයන් තිදෙනාගෙන් හෙලි කර ගත් තොරතුරු අනුව එම ගිනි අවි සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
එක් රිවෝල්වරයක් විදේශීය රටක නිෂ්පාදනය කර ඇති බවත් අනෙක් රිවෝල්වරය කොටස් එකතු කර මෙරට දී සාදා ගත් එකක් බවත් පොලීසිය කියයි.
සැකකාර බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා එම ගිනි අවි දෙක සැකකාර ව්‍යාපාරිකයන්ට විකුණා ඇත්තේ රුපියල් එක් ලක්ෂ විසි දහසකට බවද මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මාතර නාදුගල හා වෙහෙරහේන යන ප්‍රදේශ වලදී ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගනු ලැබීය.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාතර අධිකරණයෙන් පැන්නූ තවත් අවි දෙකක් සමග ව්‍යාපාරිකයෝ තුනක් සැකපිට
wedage Thursday, 07 December 2023 09:42 AM
ගබඩා කමරයේ බාරකරු කොහොමද දැන් ඉන්නෙ