(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නිදන් සෙවිමේ අරමුනින් කැණිම් කරමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගල්වංගුව මුල්ලේගම හා බුළුපිටිගම යන ප්‍රදේශ වලින් කැණිම් කිරීමට යොදා ගත් යාන්ත්‍රික උපකරණ හා පුජා භාණ්ඩ තොගයක් සමග අද( 6 )  අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම සැකකරුවන් දෙදෙනෙක් හා ගල්ගමුව, ආඩිගම, කන්තලේ, යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව කියයි.

පොලිසියට ලැබුණ තොරතුරක් මත පොලිස් කණ්ඩායම් යොදවමින්මෙම ස්ථාන දෙකම වටලා මෙසේ සැකකරුවන් හා යාන්ත්‍රික උපකරණ හා අනිකුත් දෑ අත්

අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.

කැණිම් කරතිබු ස්ථානය විශාල ලෙස කැණීම් කර තිබු බවත් එම ස්ථානයෙ අඩි 10 කට වැඩි ගැඹුරට හාරා විශාල ගල් ඉවත් කරමින් නිදන් සොයා ඇති බව කියයි.