(අංජුල මහික වීරරත්න)
මෙරට නිෂ්පාදිත තේ වල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 සිට අනිවාර්යය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට අද (06) උපදෙස් දුන්නේය.
B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළු වලින් අඩු තරමින් සියයට 60ක්වත් ඉහල ගුණාත්මක භාවයෙන් යුක්ත විය යුතුය යන්නයි.
තේ කර්මාන්තයට අයත් සියලු අංශ වල නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙම සාකච්ඡාවට තේ සංවර්ධන අධිකාරිය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණායතනය, තේ සැපයුම්කරුවන්ගේ සංගමය හා තේ කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු සියලු අංශ සාමාජිකයෝ සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකාර්මික දියුණුව ට තමුන්නැහැලා මොනවද කලේ කියල කියනවද.... අර මැදිරිගිරිය පැත්තෙන් යමක් කරපු බව පේනවද...දේශපාලන ඈඳ ගන්නෙ නැති ව ඒක අගය කරපල්ලකො ...
තේ දළු ප්‍රමිතිය කියන්නේ කොල දෙකයි, දලුවයි කියලා දන්නවා... ඒත් එහෙම දෙන අයට වඩා හිතවත් කමට වැඩිමිලක් දෙන්න එකතුකරන අය කටයුතු කරනවා. කිරණ වේලාවේ හොර තරාදි ගෙනැවිත් අඩුවෙන් කිරනවා... හොඳ දළු අවශ්‍ය නම් විශේෂයෙන් U 709 පොහොරවල වැලි ඉවත්කර නියමිත ප්‍රමිතියට පොහොර දෙන්න.. දැන් තියෙන පොහොර දැම්මාම හරියට මාසයක්වත් දළුගන්න බැහැ... මිල අඩුවෙන් දෙන්න වැලිදමා පොහොර කියලා වැලි දැම්මාට දළු කොයින්ද? ඇමැතිතුමා මේවා පරීක්ෂා කර බලන්න... අපි කියන්නේ අපේ අත්දැකීම් අනුව තමයි...