(යොහාන් භාසුර)

ඖෂධ 156 ක මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බවත් තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (6) පැවසීය.

ඒ අනුව ජනවාරි වන විට ඖෂධ 300 ක පමණ හිඟයක් ඇති වියහැකි බවත් ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් ඒ මහතා කීය.