(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන 18 හැවිරිදි සිසුවා සුඛෝපභෝගී මෝටර් රථයක් සමග පැහැරගෙන ඉඩමක්ද බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි
පැහැරගැනීමට ලක් වූ සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත. සැකකරුවන් පැහැර ගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත
පැහැරගැනීමට ලක්වූ සිසුවා ඉකුත් 4 වෙනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෝටර් රථයෙන් සිය පියාව ඇරලවා නිවසට පැමිණ අවශ්‍යතාවයක් සඳහා කළුබෝවිල ආසිරි මාවත නිවසින් පිටවී යමින් සිටියදී මෙම පැහැරගැනීමට ලක් වී තිබූ බව පොලිසිය කියයි
දෙහිවල නගර සභාව ආසන්නයේදී සිසුවා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයට වෑන් රථයක් මඟ හරස් කර එයින් බැස ආ තරුණයන් සිව් දෙනෙක් මෝටර් රථය පදවාගෙන ආ සිසුවාව වෑන් රථයට දමාගෙන පැහැරගෙන තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් වාර්ථා වෙල තියෙනවද රජයේ විශ්ව විද්‍යලවල ලමයින්ගෙන් ඔය වගේ වැඩ