ෂීෂෙල්ස් සිට ආ අමුත්තා ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවිය . 21 June 2023
හෝමාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 20 June 2023
රුහුණු මහා මංගල්‍යයයේ දෙවැනි දිනය ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ 02 වැනි දින පෙරහැර අද දින විදි සංචාරය කළේය. 20 June 2023
වජිරගෙන් රනිල්ට සහතිකයක් රනිල්ට උස් හඬින් කතා කරන්නට ලෝකයේ කිසිම නායකයකු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 June 2023
අ‘පුර වෙදැදුරු වලියේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට පහරදී ඔහු සතුව තිබූ ජංගම දුරකතනයට අනර්ථයක් සිදු කර තර්ජනය කර බිය ගැන්වී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර ශික්ෂණ රොහලේම සේවය කරන ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයකු රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය. 20 June 2023
බීමතින් රිය පැදවූ ඇමති රියැදුරා මාට්ටු අමාත්‍යවරයකුට අයත් නිල රථයක් බීමතින් පදවාගෙන ගිය බව කියන එම අමාත්‍යවරයාගේ රියදුරා නාරහෙන්පිට පොලීසිය අද අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 20 June 2023
පොලිසිය මඟහරිමින් සිටි කතක සමග හෝටලයක සිටි එස්.එස්.පී කවුද මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක බව කියන කාන්තාවක සමග සෙවනගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක මිතුරන් තිදෙනකු සමඟ නවාතැන් ගෙන සිටියේ යැයි කියන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 20 June 2023
නවකවදය ගැන කියන්න කෙටි අංකයක් උසස් අධ්‍යපානය ආයතනවල ක්‍රියාත්මක නවකවදය, විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, පරිසර හානිය සම්බන්ධයෙන් සුවිශේෂී තොරතුරු දැනුම් දීම සදහා පොලිස් මුලස්ථානය ”1997” මැයෙන් නව කෙටි දුරකතන සේවාවක් මහජනයා වෙත හදුන්වා දී ඇත. 20 June 2023
කොරියන් යන ගුවන් යානය අදත් ප්‍රමාදයි: තරුණයන්ගේ රැකියා අනතුරේ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යන තරුණයන් පිරිසක් ද රැගෙන ඉන්චියොන් බලා අද (20) රාත්‍රියේ පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානය මෙවර ද ප්‍රමාද වීමකට ලක් වී තිබීම නිසා ඔවුන්ගේ රැකියා අහිමි වී යාමේ අවදානමක් මතු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි . 20 June 2023
මහින්ද කහඳගම රිමාන්ඩ් කරයි කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. 20 June 2023
විකාශන අධිකාරී පනතේ පළමු අරමුණ භාෂණයේ නිදහස රැකීම ජාවාරම්කරුවන්ගේ ග්රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 20 June 2023
අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය. 20 June 2023
දැරියකගේ අහිංසක බලාපොරොත්තුව කාමාතුරයකු වනසයි තම පෙම්වතාට හෙල්මට් එකක් අරන් දීමට එකතු කරගත් රුපියල් 8000 ක මුදලක් අතැතිව සිටි තරුණියක රවටා පැහැරගෙන ගොස් දූෂණය කර ඇය අත තිබූ මුදල් ද පැහැරගෙන පළා ගිය බව කියන තරුණයෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 June 2023
ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න බැහැ කියයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය. 20 June 2023
දූෂණ විරෝධී පනත මෙන්න දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට පැවැත්වීමට නියමිතය. 20 June 2023
මාමයි බෑණයි අන්තර්ජාලය බලා ගිනි අවි නිපදවලා යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි . 20 June 2023
හමුදා සලාක මුදල ඉහළ දමයි මෙරට ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට පත් වූ සියලු හමුදා සාමාජිකයන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සලාක මුදල රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ නංවා ඇති බව යුද හමුදාව පවසයි. 20 June 2023
ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් වැඩිවෙලා මෙරට ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේ දී සියයට 13 කින් වැඩි වී ඇතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 June 2023
බිත්තරේට විසඳුම් සොයා කුකුළු පැටවු ලක්ෂයක් බෙදයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුලු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 20 June 2023
අයි. එම්. එෆ් ගිවිසුමට සජබ එරෙහි වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 20 June 2023
මිලානෝ නුවර පොසොන් සිරියෙන් ඒකා ලෝක වේ පොසොන් පොහොය නිමිති කර විශේෂ පුණ්‍ය මහෝත්සවය ඉතාලියේ මිලානෝ නගරයේ දී ඉකුත් 17 සහ 18 වැනි දෙදිනේදී පැවැත්විණි. 20 June 2023
වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව ක්‍රියාත්මක කිරීමයි වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව නීති රීති ක්‍රියාත්මක කිරීම බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2023
බේරේ වැවේ නාපු වීරයෝ ඇමතිකම් ඉල්ලනවා ලු බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව ආරංචි යැයි සමගි ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2023
පෙළපාලි ගිය හමුදා ලොක්කා කවුද? තමා ගාල්ලේ සිට කොළඹ එද්දී හමුදාවේ උසස් නිලධාරියකුගේ වාහනයක් සමග වාහන හතක පෙළපාලියක් ගිය බවත් රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක හමුදාවේ ප්රධානියකුට වාහන පෙළපාලි යන්න මුදල් දුන්නේ කවුදැයි තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2023
අ‘පුර සාත්තු සේවක සේවිකාවෝ 2ක් ගුටි ඇන ගනිති අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකම වාට්ටුවක සේවයේ නියුතු සාත්තු සේවකයකු හා සාත්තු සේවිකාවක අතර සිදුවු බහින් බස්විමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම ප්‍රතිකාර සදහා රෝහල් ගතවි ඇතැයි රෝහල් පොලිසිය කියයි. 20 June 2023
සැමියා කැපූ බිරියගේ කකුල හයි කරන්න බැරි වේ සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීම නිසා ප්‍රතිකාර සඳහා වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා කකුල බද්ද කළ නොහැකි බව රෝහල් ආරංචි මාර්ග කියයි. 20 June 2023
බේකරි නිෂ්පාදන මිල පහළට පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. 20 June 2023
එන්නත් විසවී දරුවන් රැසක් මියගිහින් පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විසවී දරුවන් රැසක් මියගොස් ඇති බවත් මේ එන්නත් ඉවත් කරන්නේ යැයි පැවසුවත් තවමත් ඒවා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2023
රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචා කරලා යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ සැකකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි. 20 June 2023
විපක්ෂ නායකට කඩේ යන්න කියයි සහල් මිල ගැන තොරතුරු නොදන්නා හෙයින් කඩේට ගිහින් හාල් මිල හරියට දැනගන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026