(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා හමුවූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.
“මේ මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ. මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සළකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි"යනුවෙන්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නවසීලන්ත මහ කොමසාරිස්වරයා සමඟ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මහත්තැන්නලා ගෙදර යන්න සූදානම් වෙලා ඉන්ටකෝ
කිව්වත් නැතත් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය 2024 පැවැත්වීම කෙරෙන්නම ඕන එහෙම තියෙද්දි විවිධ මත පළකිරීම හරිනැහැ අපිට නම් මතකයේ තියෙනවා චන්ද්‍රිකා ජනාධිපතිවරණය කල්දැමීමට උත්සාහ කල අවස්ථාවේ ඕමල්පේ හාමුදුරුවෝ අධිකරණයට ගොස් කටයුතු කලා කියලා
මෝඩ තකතීරුවෙක්. දියුණු රටවල ඇමතිවරයා වෙනස්වුනාට අමාත්‍යාංශයේ කටයුතුවල වෙනසක් මුදල්වර්ෂය තුල සිදුවෙන්නේ නෑ. මේකා තම නූගත්කම ලෝකයට පෙන්නුවා නේද?. හම්බන්තොට චින්තනය.
ඔබ කියන්න ඕන නෑ. මැතිවරණ කොමිසම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. උඹ ලට ඕනෑ විදියට නොවේ. රටේ ්‍ව්‍යවස්තාව අනුව මැතිවරණ පැවැත්විය යුතුයි.
අදාට අපි ජනබලය කවරෙක්දැයි පහදා දෙන්නම්
මේ අප්‍රසන්න මුහුණු ඔක්තෝම්බර් වලින් පසුව දකින්නට ලැබෙන්නේ නැති සතුටම ඇති. ම්මේ අවස්ථාවාදීන්ට නැවත චන්දයෙන් පත් වෙන්න නොලැබෙන බවනම් සක් සුදක් සේ පැහැදිලියි.
ඔක්කොම දන්නවා නොවැම්බර් ඉදන් ඉන්න වෙන්නෙ හිරේ. නැත්නම් රට