IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලිසැර වද්දවා ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් වටා අනවසරයෙන් ඉදිකරන ලද විදුලි වැටක ගැටිමෙන් අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කුඹුරේ හිමිකරු වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය කාර්යාලයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අන්දරගොල්ලෑවේ ගොවියෙකි. අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ දළ ඇතෙකු මිය ගොස් ඇති බවට ‍ලැබුණු තොරතුරු මත ගිය වනජීවී නිලධාරීන්ට මෙම ගොවියා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

එම කුඹුර හිමි පුද්ගලයා විසින් සිය නිවසේ සිට අනවසරයෙන් විදුලි රැහැනක් කුඹුර වටා ඇද තිබිමේ හේතුවෙන් එම විදුලි රැහැනේ ගැටිමෙන් දළ ඇතා මිය ගොස් සිටි බවට සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවු බව වනජිවි නිලධාරිහු පැවසුහ.



අදහස් (0)

විදුලිසැර වද්දවා ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site