(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කුඩා තේ වතු හිමියන්ගේ දළු බිලෙන් වැට් බදු අය කිරීමක් නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාල ගැටලුව සම්බන්ධයෙන් තමා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔහු එම පොරොන්දුව ලබාදුන් බවද කථානායකවරයා කීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසූයේ පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ ජනවාරියේදී දළු බිල එන විට වැට් බද්ද නිසා හැම දළු කිලෝ එකකින්ම රුපියල් හතළිහක් පමණ අඩු වනු ඇතැයි කී වීරසුමන වීරසිංහ මහතා වැට් අය කරන්නේ වෙන්දේසිකරුවාගෙන්ද ,තේ කම්හල් හිමියාගෙන්ද එසේ නැතිනම් අමු දළු සපයන්නන්ගෙන්ද යන ප්‍රශ්නය තිබෙන බවද කීය.
මේ ආකාරයට වැට් බද්ද දළු සපයන්නගෙන් අය කළහොත් ඔවුන්ට විශාල අසීරුතා විඳින්නට සිදුවෙන බව කී මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරසුමන කියන ආකාරයට වැට් අයකලොත් නම් ඉතින් සිලෝන් තේ නාමය සදාසොත්ථි තමයි .කොහොමත් අමු දලු සදහා ගෙවීමට නියම ප්‍රතිශතය වෙන්නෙ 60% ක් පමණයි. අනෙක් වියදම් සදහා 40% ක් අවශ්‍ය වෙනවා .කොහොම වුනත් තේ කම්හල් වලින් වැට් ගැනීම කුඩා තේවතු හිමියන්ට පාඩුවක් වෙන්නෙ නැහැ කියන්න අමාරුයි. අපි බලමුකෝ ජනවාරි පෙබරවාරි මාසවල සපයන දලුවලට ගෙවන්නෙ කොහොමද කියලා .එතකොට වීරසුමන හරිද නැත්නම් කතානායක හරිද බලන්න පුළුවන්