
(රොමේෂ් මධුෂංඛ, ගයාන් සූරියආරච්චි සහ සිතුම් චතුරංග)
යාපනය පේදුරුතුඩුව වල්ලිපුරම් මුහුදු වෙරල ආසන්නයේ සඟවා තිබූ රුපියල් කෝටි 86 කට අධික වටිනා අබිං කිලෝ 49 ක් තිබී සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
ඊට අමතරව ඒම ස්ථානයේම සඟවා තිබූ රුපියල් කෝටිකට ආසන්න වටිනා කේරලගංජා කිලෝ 28 ක්ද තිබී පේදුරුතුඩුව පොලීසිය විසින් සොයාගනු ලැබීය.
උතුරු පලාතෙන් මෙවැනි විශාල වටිනාකමක් ඇති අබිං තොගයක් හමු වූ පළමු අවස්ථාව මෙය වන අතර පොලීසිය විසින් කරන ලද තක්සේරුවට අනුව අබිං කිලෝවක් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි වන බවටත් මෙම අබිං තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ජාවාරම් කරුවන් විසින් රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම සඳහා වල්ලිපුරම් වෙරල ආසන්නයේ සඟවා ඇතැයි සැක පල කරන බවට පොලීසිය පැවසීය.
පේදුරුතුඩුව පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් වල්ලිපුරම් මුහුදු වෙරල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අබිං තොගය සහ කේරල ගංජා තොගය සඟවා තිබීයදී හමු විය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිලියන 80 ක අබින්-ගජා පේදුරුතුඩවෙන් හමුවෙයි