ඇල්පිටිය රෝහලේ විදුලි සෝපානය සකසයි අක්‍රීය වී තිබූ ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අද (20) පෙරවරුවේ යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකිවූ බවත් ඒ නිසා රෝහලේ සියලු කටයුතු පුරුදු පරිදි සිදුකිරීමට පියවර ගෙන ඇති බවත් ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය. 20 June 2023
ජනපති පොදුරද මඩුළු මහලේකම් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් එච්.පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු විය. 20 June 2023
අලුත් පොලිස්පති ලබන සතියේ නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 20 June 2023
සජිත්ගෙ කතාවට කෙහෙළිය එකඟ වෙයි ඩෙංගු මර්දනය සඳහා බඳවා ගෙන සිටින ශ්‍රමිකයන්ගේ සේවය වහා ස්ථිර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 June 2023
ප්‍රමිතියට වගා කර ඩොලර් මිලියන 36ක් රටට ගෙනෙයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය 2022 වසරේ කෘෂි බෝග නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 36ක් උපයා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 20 June 2023
විදුලි සෝපානය ඇල්පිටිය රෝහලේ සැත්කම් නවත්වයි ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අක්‍රීය වීම නිසා අද (20) දිනට සිදුකිරීමට නියමිත ශෛල්‍ය කර්ම සියල්ලම කල්දැමූ බව ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය. 20 June 2023
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි. 20 June 2023
පළාත් රැසකට කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 June 2023
අනතුරින් හමුදා සෙබළු රෝහලට කොළඹ මහ නුවර මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේ දී අද 20 අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. 20 June 2023
නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරයි ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 20 June 2023
ඇඹිලිපිටියෙන් ගංජා කිලෝ 1000ක් හමුවේ ඇඹිලිපිටියේ රෝහල් පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මහලයේ විකිණීම සදහා සකස්කරමින් තිබූ වියළි ගංජා කිලෝ දහසකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය කියයි. 20 June 2023
අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 39කට අධි චෝදනා පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 39 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (19) භාර දුන්නේය. 19 June 2023
හම්බන්තොට රෝහලේදී සාර්ථක සැත්කමක් හම්බන්තොට මහ රෝහලේ දී අද සිදු කළ සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක පමණ ගෙඩියක් ඉවත් කළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතා කීය. 19 June 2023
ශ්‍රී ලංකව ලකුණු 175 කින් එමිර් රාජ්‍ය පරාජය කරයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (19) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 175 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ. 19 June 2023
ඉන්දියාවෙන් ගාල්ලේ පාසල් 200 කට ස්මාට් පන්තිකාමර ඉන්දියාවේ මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්වරු ගාල්ල දිස්ත්‍රික් පාසල් 200 ක විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණියහ. 19 June 2023
ඩඩ්ලිට පුෂ්පෝපහාර නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 112 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුණසමරු උත්සවයක් බොරැල්ල ඩඩ්ලි සේනානායක පිළිරුව අභියස පැවැත්විණි. 19 June 2023
උණ්ඩ කොපු සහ උණ්ඩ සමග අයෙක් සැකපිට ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 13ක්, ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කළ කොපු 2232 සහ හෙරොයින් මිලිග්‍රෑම් 6300 තමා සන්තකේ තබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි. 19 June 2023
අයි.එම්.එෆ් මැයි ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 3 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය පවසයි. 19 June 2023
‘‘දේශීය ණය ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ‘‘ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 19 June 2023
‘‘ජනපති රට ගියාට වැඩක් නෑ‘‘ ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී විදේශ ගතවුවත් ශ්‍රී ලංකාව ණය බරින් මුදවා ගැනීම සහ ආර්ථික වශයෙන් වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කිසිදු සහයෝගයක් හෝ අනුබලයක් ජාත්‍යන්තරයෙන් ලැබී නොමැති බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(19) ප්‍රකාශ කළේය. 19 June 2023
ජනකගේ පුටුවට පේරේ මහ ඇදුරෙක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 19 June 2023
ජනවාරියේ සියයට 27 කට වැඩි විදුලි ගාස්තු අඩුවීමක් ජනවාරි මස විදුලි ගාස්තු සංශෝධනයේදී ජූලි මස සහනයට වඩා වැඩි සහනක් දෙන බවත් ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයේදී පහළම කාණ්ඩවලට සියයට 27 කින් ගාස්තුව අඩු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 June 2023
එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 356ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් රැස්කිරීමට සමත් විය. 19 June 2023
ළමා රක්ෂණ අධිකාරියෙන් මත්තේගොඩ පොලීසිය ගැන විමර්ශනයක් බාලවයස්කාර දැරියක අත්අඩංගුවට ගෙන කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් පිළිබදව මත්තේගොඩ පොලීසියේ නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) කරුණු වාර්තා කර ඇත. 19 June 2023
කොමිස් වැඩි නොකළොත් ලොතරැයි වෙළෙන්දෝ වර්ජනයක ලොතරැයි පතක මිල රුපියල් 40ක් කිරීමට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතෙන් සහ අලෙවි සහයකවරුන් ලබන 06 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. 19 June 2023
අ‘පුර අධිකරණය අධ්‍යාපන බලධාරීන්ට දෙහි කපයි විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය. 19 June 2023
හංවැල්ලට කුඩු බෙදූ කෙරුමා මාට්ටු හංවැල්ල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහපරිමානයෙන් මත්කුඩු ජාවාරෙම් නිරත හිටපු හමුදා සෙබළකුත් රුපියල් 70 ට අධික වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 19 June 2023
අ‘පුර රෝහලේ සුව විරුවෝ ගුටි ඇන ගනිති අනුරාධපුර රජයේ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාලයේදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් වෛද්‍යවරයකු තුවාල ලබා එම රෝහලම ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 19 June 2023
ගෝඨා ට වෙච්ච දේ රනිල්ට වෙන්න දෙන්නෙ නෑ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 19 June 2023
ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට සේන්දු වෙයි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේදුන්විය. 19 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026