(අංජුල මහික වීරරත්න)
රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඇමතිවරු කිහිපදෙනෙකු අද පෙරවරුවේ මුණ ගැසුණු අවස්ථාවේදීය.මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහා පාරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැය වන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් මෙරටට නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රතු මුහුදට ලංකාවේ යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂව සැපයීමට මිසක රාජ්‍යන් අතර ඇතිව තිබෙන යුද්ධයන්ට සහායදීමට නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
තම රටවලට එන භාණ්ඩ ප්‍රවාහන නෞකා වලට ආරක්ෂාව සැපයීමට කලාපයේ අනෙකුත් රටවල් ද මේ වන විටත් ඉදිරියට පැමිණ තිබෙන බව ජනාධිපතිවරයා කීය.
හූති සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ වරායට නෞකාවක් පැමිණීමට දකුණු අප්‍රිකාව වැනි රටවල් දෙසට ගොස් පැමිණීමට සිදුවන බැවින් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යාමට ඉඩ ඇති බවද පෙන්වා දුන්නේය.
මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මඟ බලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
හූති වැඩ කටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියන නෞකා 2ටත් කෙළවා ගන්න දඟලනවා.
රනිල් කියන විදිහට රනිල් කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා වගේ වැඩ කාරයෙක්, ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔහු පාර්ලිමේන්තුවට එන්නේ පස්ස දොරින්, පසුගිය කලේ අපේ නාවික යාත්‍රා ජාත්‍යන්තර මුහුදට ගිහින් කොටි නැව් සමග සටන් කොට ඒවා ගිල්වා දමපු බව රනිල් දන්නේ නැති එක...!
මෙහේ, ලංකාව කියන නැව ගිලෙනවා... පිනා රතු මුහුදට නැව් අරිනවා. රතු මුහුදේ ආරක්ෂාවට නැව් අයිති සමාගම් තියෙන රටවල් නොයෙකුත් පියවර ගනිමින් සිටිත්දී, අපේ පුංචි යුද නැව් රට වටේ බලාගත්තොත් හොඳ නැද්ද? එහෙන් ඉන්දියාවෙ ධීවරයෝ ලංකාවේ මාළු හොරෙන් අල්ලනවා. තව පැත්තකින් කුඩු හා ගංජා මුහුදෙන් රටට එනවා. මේවා නතර කරගන්න ක්‍රමයක් හිතන්නේ නැතිව ලෝකෙට මෙහෙ නැව් අරිනවා, හරියට ගෙදරින් ගෙනැල්ලා වගේ..!!!
මෙයා හිතාගෙන ඉන්නේ විකට් කීපර් බොලේ අල්ලනවා වගේ අය ගහන මිසයිලත් අල්ලන්න පුළුවන් කියලා...!
තමන්ගේ දේශපාලන වාසිය තකා ඇවන්ගාර්ඩ් ආරක්ෂක ආයතනය විනාශ කරලාම දැම්මා නේද? මේ වගේ අවස්ථාවලදී හොඳින්ම භාවිතා කරන්න තිබුණු ආයතනයක්. පක්ෂ බදාගෙන ඉන්න අය කුලප්පු වෙන්නත් පුලුවන් මේක දැක්කාම...
මෙයා මේ බලන්නේ ඇමරිකාව සතුටු කරන්න. ඔය නැව යැවුවාම බඩුමිල අඩු වෙන්නේ නැහැ. මෙයාගේ නැව නැත්නම් බඩු මිල අඩුවේද? රටේ ජනතතාව හිඟා කනවා.. කන්න බොන්න නැතිව. මෙයා ජාත්‍යන්තර මුහුද බලනවා. අපේ බදු සල්ලි නේද මේ...? අපි බදුගෙවන්නේ මේකටද? මොවුන්ට හෙණ ගහනවා අපේ සල්ලි අරගෙන බාල්නටනවාට...!
රනිල් කිව්වොත් ඉතින් හරි තමයි..
මට පුදුමේ මෙච්චර දුර්වල, අමන චරිතයක් දශක ගණනාවක සිට මේ තරම් ප්‍රධාන චරිත රඟපාන්න හේතුව මොකක්ද කියන එක. මොහුට බටහිර ආකල්ප ඇති නිසාත්, මුළු රටටම ගොඩේ ගති ඇති නිසාත් වන්නට පුළුවනි...
නාවික හමුදාවෙන් උපදෙස් ගත්තද? නැතිනම් ඔබ නාවික හමුදාවට වඩා ඉහළද?
මෙයා ලංකාවේ ජනාධිපතිකමට පිනට රිංගලා හිතාගෙන ඉන්නේ ඇමෙරිකාවේ ජනාධිපති කියලා. ගියපාර මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න ජනතාව ඉඩ දුන්නේ නැත්තේ මොකද කියලා පේනවනේ. පිස්සු නැතිනම් හොඳයි.
හිඟා කකා ,නයට සල්ලි අරගෙන ජිවත්වන ,දුප්පත් කල රටක තියෙන ඩොලර් මිලියන 200 ක් ,කොහෙවත් නැති යුද්දෙකට යොදවලා, රටේ මිනිස්සුන් අමාරුවේ දමන්න හදන , මේකා පිස්සෙක්.ඇමෙරිකාව සහ ඉන්දියාව බලකලා වහාම හවුති ත්‍රස්තවාදීන් සමග සටන් කරන්න එන්න " කියලා. හවුතියෝ අපිට මොනවත් කරලා නැහැ. වලිය පටන්ගත්ත හමාස්ලයි, ලෝකයේ ජරාම ජාතියවන ඉස්රායල්වරුයි ,උන්ට සපෝට් කරන ඇමෙරිකාවයි ,බටහිර රටවලුයි ඔය ප්‍රශ්නය බේරාගත්තාවේ. අපි උන් එක්ක ඇවිලිලා මහා ප්‍රශ්නයක් ඇතිවුනාට පස්සේ ඇමෙරිකාව හිමින් සැරේ අපේ පිට වරද පටවලා මාරුවෙයි;එදා මෙදා හැමදාමත්ම ඇමෙරිකාව කලේ ඔය සෙල්ලම තමයි.හවුතියන්ගේ ආයුධ එක්ක අපිට හැරෙන්නවත් බැහැ. ශ්‍රී ලංකාව කියන්නේ නොබැඳි රටක්ලු , අනේ මන්දා මේකාව ඉක්මනට එළවලා දාන්න ඕනා.
ඉල්ලන් කන්නයි යන්නේ.
අපේ නැව ගැන තියන ආසාව අත්හැර රතු මුහුදට යවන්න... දැන් අපේ නැව දැක්ක හැටිය හොයාගෙන ඇවිල්ලා ගහන්නේ... මේකෙන් වෙන්නේ මුස්ලිම් රටවල් ගොඩක් තරහ වෙන එක...
අනේ මන්දා ?මෙයා කියනවා එයා යලි ඉපදුනු පරාක්‍රමබාහු කියලා .ඒත් මිනිස්සු කියනවා යලි ඉපදුනු එළාර කියලා?හිතාගන්න බැහැ
මහා පරාක්‍රමබාහු රජුගෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට යුද්ධ නැව් යවනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජය වේවා!
යේමන් රජයෙන් ඔබට කැමැත්ත තිබේද? සවුදි අරාබිය යේමන රජය මෙහෙයවයි.
ඕකත් හරියට අපේ කුඹුරට වතුර එන වක්කඩේ බ්ලොක් කරන එකාට ගහනවා වගේ වැඩක්. ඕක නොතේරෙන ගොබ්බයො කොපමණ ඉන්න වාද?