
(යොහාන් භාසුර)
රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට අවසන් වන බවත් එම සහල් වර්ග දෙකේ හිඟය පියවීමට සහල් ආනයනය කිරීම තවත් ගටලු රැසක් ඇති කරන බවත් රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (8) ‘ලංකාදීප’යට පැවසීය.
මෙම මස 15 වැනිදා ගොයන් කැපී ආරම්භ වූ පසුව කීරි සහ සම්බා වී ලැබීමෙන් පසුව සහල් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොලට සැපයිය හැකි බව කී ඒ මහතා ගොයන් කැපීම ආසන්නයේ තිබියදී රටින් සහල් ආයන කිරීමෙන් ගොවීන් නැවතත් වීවල වැඩි මිලක් ඉල්ලා පාරට බැසීමට ඉඩ ඇති බව ද කීය.
එම සහල් වර්ග දෙකේ හිඟයට හේතුවෙන් සහල් සමාගම් සහල් සැගවීම නොවන බව කී මිත්‍රපාල මහතා එම සහල් වර්ග දෙකේ වී පසුගිය කන්නයේ හිගවීම බව ද සදඟන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බා සහල් වෙනුවට බාස්මති ගෙන්නන්න හදන පට්ට හොරෙක් ඉන්න විත්තිය නම් පහුගිය දවස් වල කියවුනා .
අර නලින් කියන පැරෂුට්කාර ඇමතියා වැඩ කරන්නෙ ඉන්දියාවේ වෙළෙඳ ඇමති කියලා හිතාගෙන ද ?