
(අංජුල මහික වීරරත්න)
ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහල නංවා ගැනීමට නම් මේ ක්‍රියාව කළ යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බදු නොගෙවන අර්ජුන් ඇලෝසියස් ඉස්කාගාර කොම්පැනි සීනිබදු සුදුළුෑනු බදු ඔයකියන දැලට අහුවෙන්නම නැතිද? එයාලත් අහුවුනානම් මේ සුළු බදුගෙවන කූනිස්සො හාල්මැස්සන්ට වඩා කොතරම් ශක්තිවන්තයොද කියල හිතාගන්නත් අමාරුයි.
බදු ගෙවන්නාට දෙන වධය..... කොල මිටිය පුරවන්න තව කෙනෙකුට ගෙවන්න ඕන. සරල එක කොලයක් හදන්න. සංකීර්ණ වැඩි ක්‍රමවේදය හිරිහැරයක්.මේක අපරාධයක්....
ලක්ෂ පහත් එපා.. 225න් කීදෙනෙක් හරියට බදු ගෙවනවද කියලා කියන්නකො ඔහේ හපනා නං... නිකං තප්පුලන්න එපා.. මේ පාර ඡන්ද ටිකත් නෑ
ඊට කලින් අර අරක්කු වලට නොගෙවපු බදු ටික තෝරා ගන්නේ කොහොමද ,කවදාද කියලා පොඩ්ඩක් කියනවද ?
එතකොට තමුන්නැහැල බදු ගෙවීමට ලියාපදිංචි වී ඇති, ගෙවීමට හැකියාව ඇති එහෙත් ගෙවීම පැහැර හැර ඇති ධනවත් ව්‍යාපාරිකයන්ටයත් ඔය කියන දැල් එලනවාද?
ඉස්සරවෙලාම පසුගිය අවුරුදු විස්සක් තිහක් විතර කාලේ එකතු කරපු බදු සල්ලි වලට කෙලියා ,ක්ලීන් සූට් කාරයෝ අල්ලන්න දාලා එල්ලුවානම් නේද හොඳ ?නැතිනම් මේ එකතු කරන එව්වාටත් වදිනවා සිකුරුයි
රටක ජනතාව බදු ගෙවිය යුතුයි.ඒ වගේම ඒ රටේ ජනතාවට නිසි ආදායම් මාර්ග සඳහා පහසුකම් සැලසීම රජය විසින් සිදුකළ යුතුයි.ඒත් මේ රටේ ජනයා වෙනුවෙන් දේශපාලකයන් එම යුතුකම් හරිහැටි ඉටු කරනවාද ? රටේ මිනිසුන්ගේ ලේ බොන්න බලාගෙන ඉන්නේ නැතුව දේශපාලුවන් රටේ සම්පත් හොරා කෑ දේට පියවර ගත්තාද ? නැහැනේද ? පැන්ඩෝරා මුදල්,ඒ දිනවල පිටරට ඉන්න අය සාක්ෂි සහිතව අන්තර්ජාලයේ දැමූ විදෙස් වත්කම් ගැන කිසිම පියවරක් ගත්තාද ? පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැම් අය පාර්ලිමේන්තු එන්නට පෙර දිළින්දන්.පසුව ධන කුවෙරයන්.ඇයි මේ දේවල් නොපෙනෙන්නේ ඇස් අන්ධ වෙලාද ? බොරුවට කයිවාරු ගහන දේශපලනඥයින්ගෙන් තොර රටට සැබෑ ලෙස ආදරය කරන අය දේශපාලනයට ගෙන ඒමට රටේ ජනතාව දැන් හෝ හොඳ අවධි බුද්ධියෙන් විමසා බලා කටයුතු කළ යුතුයි.
ඔය කියන ලක්ෂ 5 සමානයි තමන්ගෙ ගජ මිතුරු බිලියනපති ව්‍යාපාරිකයන්ගෙන් අයවිය යුතුමුදල. සීනි, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය විතරක් වලින් කීයක් රජයට අහිමි උනාද? ඒ අයුතු ලාබ තියෙන්නෙ කා ළඟද? ඒව රජයට ගන්න මොකක්ද කළේ? ඒව අය කරගනිල්ල..අහිංසක මිනිස්සු බය කරල රීරි මාංශ හූරගෙන කන්නෙ නැතිව. උඹලට හෙණ ගහනව ෂුවර්.. ජනතාවගේ සාපය වදිනව..
මගේ මුලික ප්‍රශ්නය......ඔබතුමාත් ඇමති ධූරයක් දැරූ ගෝඨා රජය යටතේ.....සීනි බදු වංචාව, ආනයනකරුවන්ට ලබාදුන් බදු සහනයෙන් 35%කට හිමිකම් කියන්න පුළුවන් කියලා. ඔවුන් ගෙව්වාද? එසේ නොවේ නම් ඇයි / එවැනි ක්‍රියාවකට වගකිව යුත්තේ කවුද?
ජනතාවට බදු ගෙවන්න ඕනේ ඔයාලට සුර සප විඳින්න
බදු නොගෙවන මහා පරිමාන ඉස්කාගාර සහ අනෙකුත් සමාගම් වලින් බදු අය කර ගන්න බයයි වගේ නේද ? එයාලා යාළුවොනේ නේද මල්ලි ?