අතුරු කමිටුව අවලංගු කළහොත් තහනම අයින් වෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත්කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව අවලංගු කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (22) පැවසීය. 22 November 2023
පස් කන්ද කඩා වැටී තරුණියෝ දෙකක් මරුට හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවු තරුණියන් දෙදෙනකු බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි. 22 November 2023
ඉඩම් ආරවුලට අයෙක් මැරුවැයි හතරක් පෝරකයට ඉඩම් ආරඅවුලක් හේතූවෙන් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකු ආබාධිත තත්වයකට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන්වූ විත්තිකරුවන් සිව් දෙනකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද මරණ දණ්ඩණය නියම කළේය. 22 November 2023
ඉතාලියේ දුම්රියක ගැටී ශ්‍රී ලංකිකයෙක් මරුට ඉතාලියේ voghera නැමැති දුම්රිය ස්ථානයේ වේදිකාව අයිනේ රැඳී සිටි ශ්‍රීලාංකිකයකු බඩු ප්‍රවාහනය කරන දුම්රියක ගැටී මියගොස් ඇත. 22 November 2023
දකුණටත් ගංවතුර තර්ජන රම්මලේ කදු පන්තියට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිරම - වරාපිටිය වැව පිටාර ගලන බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි . 22 November 2023
සීනි පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මිල තවත් නගී සීනිවලට පනවා තිබූ පාලන මිල ඊයේ (21) රාත්‍රී ඉවත් කිරීමෙන් පසු වෙළෙඳපොලේ සීනි මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි. 22 November 2023
බදුලු තැපැල් දුම්රිය දෙකම නවතී උඩරට දුම්රිය මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද (22) කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. 22 November 2023
චීන ණය ගැන එකඟතාවය ඉතා වැදගත් ශ්‍රී ලංකාව සහ චීන අපනයන ආනයන බැංකුව අතර මෙරට චීන ණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාව ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය. 22 November 2023
වඩුක්කෝඩෙයි සිද්ධියට පොලිසියේ දෙකකට මාරු සොරකම් රැසක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළ දි හදිසියේම රෝගී ව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි. 22 November 2023
උසස් පෙළ සලසුම් කළ පරිදි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගය කලින් සැලසුම් කළ පරිදි ලබන ජනවාරි මාසයේ දී පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි 22 November 2023
අධිවේගයේ වැඩ බලන්න යුද හමුදාපති කොට්ටාවට යයි සේවක වැඩ වර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ගවල ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවල යොදවා සිටින හමුදා භට පිරිස්වල රාජකාරි කටයුතු නිරක්ෂණ කිරීම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (23) කොට්ටාව අධිවේගී පිවිසුමේ නිරීක්ෂණ චාරිතාවක නිරත විය. 22 November 2023
දිසා විනිසුරුවරු හා මහෙස්ත්‍රාත්වරුන් 54කට ස්ථාන මාරූ දිවයින පුරා දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වල සේවය කළ දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් පනස්හතර දෙනෙකුට 2024 වර්ෂය සඳහා සේවා ස්ථාන මාරූ වීම් ලබාදී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. 22 November 2023
ඉන්දියන් සාගරය තනි බලයකට යට නොවන්න සැලසුමක් අවශ්‍යයයි ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 November 2023
මහකන්නයේදී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000 ක අස්වැන්නක් ලබලා 2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කරන ලද අතර එමගින් වී මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 22 November 2023
හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2023
2024 පළමු කාර්තුවේ දී ජනපති පාර්ලිමේන්තුව විසුරුවනවා 2024 පළමු කාර්තුවේ දී ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන බවට තමාට විශ්වාසයක් ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2023
‘හරක් කටා’ට පනින්න සැළසුම හැදු හිටපු ස්නයිපර් සෙබලා අල්ලයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ‘හරක් කටා’ නමැත්තා ඉන් මුදාගැනීම සඳහා කමාන්ඩෝ මාදිලියේ සැලසුමක් සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරංචි මාර්ග පවසයි. 22 November 2023
උඩරට දුම්රිය ධාවනයට තව දුරටත් බාධා උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද ( 22) අඅලුයම කඩා වැටී තිබෙන ගල්පර්වත පස්කදු ඉවත් කිරීම තවදුරටත් සිදු වන අතර මේ නිසා බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 22 November 2023
රාජිතගේ අල්ලස් නඩුව අනිද්දා සිට විභාගයට මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතු`ථ විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව හෙට 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට අද (22) තීරණය කළේය. 22 November 2023
ආවේගශිලී වු සැරයන්ට වැඩ වරදී යොදවා ඇති උප සේවයට විරෝධය දක්වමින් දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින් සිටි පොලිස් සැරයන්වරයකු වැඩ තහනම් කළ බව දෙයියන්දර පොලිසිය පවසයි. 22 November 2023
පොලීසිය පන්නද්දී සැකකරු උදරයට ඇනගනී ගල්කිස්ස ප්‍රදේශයේ විවිධ අපරාධ සිද්ධීන් හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් උදරයට ඇණ ගැනීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 22 November 2023
අධිවේගී මාර්ග විකුණන්නේ බදු දෙන්නේ නැහැ අධිවේගී මාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ හෝ නැතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2023
මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන සැර ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ නවකතා පොත් හා පත්තර කියවීමට, දුරකතන සංවාදවල යෙදීමට නොවේ යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2023
පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්මත කරන්නට මිස රඟපාන්න නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2023
සාමාන්‍ය පෙළ 10 වසරට 11 ශ්‍රේණියේදී පවත්වන අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට සැලසුම්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2023
මහගමසේකරගේ බිරිය දිවියට සමුදෙයි මෙරට අග්‍රගන්‍ය කුසලතා පූර්ණ කලාකරුවකු වු දිවංගත මහගමසේකර මහතාගේ ආදරණීය බිරිඳ වුවිශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ(21) පෙරවරුවේ අහාවපුාප්ත වූවාය 22 November 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ පැවැති දුම්රිය අවහිරතා මේ වනවිට අවසන්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 22 November 2023
සිවු දින සටන් විරාමයකට කැමැත්ත ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. 22 November 2023
අධිවේගී මාර්ග විකුණනවාද? අධිවේගී මාර්ග විකුණනවා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 22 November 2023
කෝලම් මඩුව පිස්සන් කොටුවක් කරන්න එපා කෝලම් මඩුවක් වෙලා තියෙන මැතිසබය පිස්සන් කොටුවක්වීමට ඉඩ දිය නොහැකි යැයි බුද්ධ ශාසන අමාත්‍ය සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026