පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරැඹෙයි ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. 18 June 2023
පුංචි ඡන්දෙට මැකෝ යළි සල්ලි ඉල්ලයි පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා ලංකාදීපයට පැවැසීය. 18 June 2023
ලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 June 2023
ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරලා මන්නාරම , මුරුණ්කන් අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී එක් දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනකු අද (18) අත්අඩංගුවටගත් බව මුරුණ්කන් පොලිසිය කියයි. 18 June 2023
සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා යටතට විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 18 June 2023
මැතිසබේ හිටපු ලොක්කා ගැන ප්‍රකාශයක් විශ්‍රාම ගිය නිලධාරියකුට හෝ වෙනත් කුමන නිලධාරියකුට වැටුප් දෙක තුන ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 18 June 2023
කොම්පඤ්ඤවීදියේ නිවාස පෙන්වා මුදල් වංචා කරලා කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයකින් නිවසක් දෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක් වංචා කළේ යැයි චෝදනාවට ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 18 June 2023
රනිල්ගේ දැක්ම ඇමරිකාවට වඩා විශාලයි කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී ඔසවා තැබු රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 18 June 2023
රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women’s Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 18 June 2023
ධීවරයෙක් කිඹුලාට බිලි බදගිරිය වැවේ විසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධිවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව හම්බන්තොට පොලීසිය පවසයි. 18 June 2023
නීති විරෝධී ධීවරයෝ 8 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ යාපනය වෙත්තලකේණි, මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. 18 June 2023
විපක්ෂය මැතිවරණ ඉල්ලන්නේ කොලොප්පමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක රටට සතුරු විනාශකාරී ගමනක් නොයන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 June 2023
දංකොටුව පෝසිලේන් කොටස් විකුණයි ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර තිබේ. 18 June 2023
ව්‍යාජ ලේඛන සකසන මධ්‍යස්ථානයක් වටලයි බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කර දෙන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සහ තවත් පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 18 June 2023
ඉඩම් ආරවුල මරණයෙන් කෙළවර වෙයි වැඩිමහල් සොහොයුරාගේ ගෙලමිරිකා මරණය සිදුකළැයි සැකපිට බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි. 18 June 2023
ශාන්ති කර්මය අස්සේ ආතුරයා මරුට අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරිමට ශාන්ති කර්මයක් කරන අතරතුර තැඹිලි ගෙඩි 21 පෙවීමෙන් ආතුර කාන්තාවක මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි. 18 June 2023
සජබ මන්ත්‍රීගෙ මල්ලි රට යවන සෙල්ලමක් දාලා සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . 18 June 2023
අද දවසේ වැස්ස ගැන අනාවැකිය උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 18 June 2023
බැංකු නිලධාරියා ව්‍යායාම කරද්දී මැරී වැටේ බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු 17 වන දින හදිසියේ ඇද වැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 18 June 2023
මිනුවන්ගොඩ වෙඩි තැබිමකින් දෙකකට තුවාල මිනුවන්ගොඩ,බොරගොඩවත්ත ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 17 June 2023
අයි.පී.ට ගිනි අවිය එල්ල කළ පී.සීගේ වැඩ තහනම් මාලබේ පොලිස් ස්ථානය තුළදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළැයි කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 17 June 2023
ඔක්ටේන් 95 පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාවේ නෑ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට එම පෙට්‍රල් ඇණවුම් නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසූහ. 17 June 2023
කතරගම ඇසළ මංගල්‍යයේ තවලම් සිරිත ඉටු කරති අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කතරගම දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා දුන් නියෝගයක් අකුරටම ඉටු කරමින් තවලම කතරගම පුජා භුමියට අද පැමිණියේය. 17 June 2023
බඹරකන්දේ දිය වළකට වැටී පේරේ සරසවි සිසුවා මරුට බඹරකන්ද දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි දිය වළකට වැටී පේරාදෙණිය සරසවියේ තෙවන වසරේ සිසුවකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 17 June 2023
ගිනි අවි සමග අයෙක් මාට්ටු විදේශීය රටක නිෂ්පාදිත අනවසර ගිණි අවියක් සහ ගිනි අවියකට යොදන විදෙස් රටකම නිෂ්පාදනය කළ ගිනි අවි බටයක් රහසිගතව තම සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 17 June 2023
160ට පිටි වෙළෙඳපොළේ නෑ ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතලියකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 17 June 2023
ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්තිය ජනපතිට පිළිගන්වයි ‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී පිළිගැන්විණි. 17 June 2023
මාමාණ්ඩිගේ උදළු පහරින් බෑණා අවසන් ගමන් යයි මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය සිය බෑණාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 17 June 2023
මැදිරිගිරිය තිදරු මවගේ ඝාතකයා අත්අඩංගුවට මැදිරිගිරිය මිරිස්හේන ධීවර ගම්මානයේදී පසුගිය 15 වන දින අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරු නීතීඥවරයකු මාර්ගයෙන් මැදිරිගිරිය පොලිසිය වෙත භාර වූ බව පොලිසිය කියයි. 17 June 2023
ජනපති - අසුසා කුබෝටා හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 17 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026