
(සුජිත් හේවාජුලිගේ )
රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය.
ආහාර සඳහා ණය ගෙන ඇති පවුල් සංඛ්‍යාව මුළු ණය ගැති පවුල්වලින් සියයට 22.3ක ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයවී සිටින 69,7800 ක පවුල්වලට පුද්ගලයන් දෙලක්ෂ පනස් අටදහස් දෙසීයක් ඇතුළත් වන බවද මහාචාර්යවරයා පැවසීය.
මේ අතර තවත් පවුල් තුන් ලක්ෂ හැත්තෑ දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ණය ආපසු ගෙවීම සඳහා ණය ලබාගෙන ඇතැයි පැවසූ වසන්ත අතු කෝරළ මහතා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පවුල් 491000 ක් ණය ලබාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.
මීට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා පවුල් 53200 ක් ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.
ආර්ථික අර්බුදය ආරම්භ වීමෙන් පසු ( 2022 න් පසු) පවුල් 688000 ක් ණයගැති භාවයට පත්ව ඇතැයි පැවසූ වසන්ත අතුකෝරළ මහතා වැඩිම පිරිසක් ණය ගෙන ඇත්තේ උකස් ක්‍රියාවලියෙන් බවද ප්‍රකාශ කළේය.
උකස් ක්‍රියාවලියෙන් ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව 970000 ක් බවද ඔහු කීය.
මෙයට අමතරව බැංකුවලින් පවුල් 97000ක්ද මූල්‍ය ආයතනවලින් පවුල් 272250ක්ද මුදල් තැරැව්කරුවන්ගෙන් පවුල් 303500ක්ද ණය ලබාගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසලා ඉන්න අප්පා. තව පොඩි කාලයයිනෙ. 2048 වෙද්දි මේක සුරපුරයක්. තව 24යි.
රට කෑ හා කන දේශපාලන අංශ වලට ජනතාව විඳින අනේක දුක් පීඩා දැනේවා .. පෙනේවා ..
1956 පටන්ගත්ත ණයට කෑම තමා රට බංකොළොත් කලේ. සමාජවාදී වාමාංශික කියන ලේබලය ගසාගෙන සිටින පොදුජන යුගය කියන කිසිම කෙනෙකුට සහ සහනාධාර දෙනව කියල කියන කිසිම කෙනෙකුට ඡන්ද දෙන්න එපා.... හිඟන මානසිකත්වය නිසා නිකම්ම පිනට කන්න පටන්ගත්ත නිසා තමා අපට මේ විනාශය වූයේ
ඉන්න හිතෙන රට .කාලකන්නි පාලකයෝ .අපිව නොකර කරනවා මුන්
අපි වුනත් ණයට වගේ තමයි කන්නෙ ලැබෙන මුදලින් බතකුයි පරිප්පු හොද්දකුයි නැත්නම් කිරල දෙන සෝයා මීටි හොද්දකුයි තමයි මාරුවෙන් මාරුවට කන්නෙ පොල් සම්බලයක් හදාගන්න පුළුවන් කමක් නැහැ පොල් මිල නිසා අපිට වුනත් පෝෂ්‍යදායක ආහාරයක් ගන්න නම් ඉතින් ණයට ගත්තෙ නැත්නම් බැහැ තමයි
මෙහෙම ජනතාවට තමයි බදු ගහන්නේ... බදු ගෙවන මිනිසුන් හදන්න කර්මාන්ත නගරවල හදුවේ නැහැනේ. අපනයන සහන දුන්නේ නැහැ. ජනමාධ්‍ය අල්ලාගෙන රටම කයිවාරුවෙන් ඇන්දුවා! මේක තමයි ලන්කාවේ දෙශපාලනය. නිවාස හදාගන්නත් අමාරුයි. අමුද්‍රව්‍යවලට ගහන බදු නිසා...
මම දන්නා විදියට නම් අපේ දැන් ඉන්න නායකයින්ට මේවා එච්චර ප්‍රශ්න නෙමෙයි. ඒ ගොල්ලන්ට කෑම බීම රට සවාරි සියලු සැප පිනටම ලැබෙනවා. මම දැක්ක tv නිවුස්වල දියවන්නාවේ කට්ටිය අර වැය අය දිනලා එතැනම දීපු බුෆේ එකට ගිහින් කොනක ඉඳන් සුප් බෙදාගෙන, කෑම බෙදාගෙන හොඳට නැප්කින් එලාගෙන සතුටු සාමීචියේ යෙදෙමින් අනුභවය කරලා ඩිසටුත් කාලා සුපිරි සැප වාහන රාජ්‍යයන්ට ගොඩවෙලා ගියා. මෙහෙම කන්න නැති මිනිස්සු මේ රටේ තියා ලෝකෙවත් ඉන්නවාද කියලා ඔවුන්ට හිතෙන්නේ මැතිවරණ කාලේ විතරයි. අපේ මිනිස්සු කතිරේ ගහලා කන්න නැතුව නහිනවා. ඔක්කෝටම කලින් මේ රටේ මිනිස්සුන්ගේ මොලේ පෑදෙන්න ඕනෑ. නැත්නම් හැමදාම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.
ආ ඒකට කමක් නෑ, ජනප්‍රිය නොවන තීන්දු අරන් හොරු පරිස්සම් කරනවානේ අපිට ඒ ඇති .
ණයට කාලා හරි නොකා නොබී ඉඳලා හරි බැංකු ගිණුම තරවෙනවා නම් ඒ ඇති කියලා මේ අය හිතන්නේ... යහපාලන කාලේ කලේත් ඒ ටික.. ඡන්දෙ තිබ්බාම ප්‍රතිඵල පෙනේවි...!
රටත් කාලා, අපිවත් කාපු, අර කාලකන්නි කපුටාට හෙන හතම වැදියන්...
රට දියුණුවෙන් දියුණුවට... රනිල් මහින්ද මැතිතුමනි අප ඔබලාට ණය ගැතියි...
අරක්කු කොම්පැනිවල හිඟබදු මුදල් අයකර ගත්තා නම් මේ පවුල් සියල්ලේම වුනත් ණය ගෙවන්න තිබුණා. එහෙම නොකර අරක්කු විකුණන පවුල් කිහිපයක් විතර රකිනවා මේ හොර පාලකයෝ...!
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...!! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.