පාන් බනිස් අඩු කරන්න බලපත්‍රයක් හරස් වෙයි පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණ ද බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් බනිස් මිල අඩු කිරීමේ තීරණය අත්හිටුවීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන මහතා පවසයි . 16 June 2023
රුසියන් සහායක ගුවන් නියමුවා හදිසියේ මරුට රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊයෙ (15) රාත්‍රී ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය කියයි. 16 June 2023
කුල දරුවන් සසුන් ගත කිරීමේ අවම වයස් සීමාවක් කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 16 June 2023
ජපුර සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි. 16 June 2023
පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි . 16 June 2023
ට්රැක්ටරය පෙරැළි යුද හමුදාවේ 7ක් රෝහලේ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කර ඇත. 16 June 2023
අයවැය කාර්යාල පනතට මුදල් කමිටුවේ අනුමැතිය පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. 16 June 2023
හමුදා බසය ලොරියක ගැටී දෙදෙනෙක් මරු දකිති දොම්පෙ දෙල්ගොඩ දී බස්රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 16 June 2023
ඖෂධවේදීහු වැඩවර්ජනයක් අරඹති ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් සිටි ඖෂධවේදීන් 18 ක් හිටි හැටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීහූ අද (16) පෙරවරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ. 16 June 2023
පාසල් යන්න සිටි මව-දියණිය ලොරියකට යට වෙති වවුනියාව , මන්නාරම මාර්ගයේ පූවරසකුලම් කන්නාට්ටි හීදි ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වීම හේතුවෙන් මව සහ හය හැවිරිදි දියණිය ජීවිතක්ෂයටපත්ව ඇතැයි පරයානකුලම් පොලිසිය කියයි. 16 June 2023
සිවුවන වරටත් ලංකාවේ අංක එක පේරාදෙණි සරසවිය ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ . 16 June 2023
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 අරඹයි අපොස උසස් පෙළ විභාගයේ (2023) ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සෞන්දර්ය සහ තාක්ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2023
දෙපාර්තමේන්තු දෙකක් වහයි රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 16 June 2023
රන් මිල යළි ඉහළට ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 16 June 2023
මගී නැවතුමට බසය කඩා වැදිලා:ආච්චිත් මුණුපුරාත් රෝහලේ ගම්පහ සිට නාවින්න දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් නැවතුමකට කඩාවැදීමෙන් , බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටි දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත. 16 June 2023
ආරවුල මරණයෙන් කෙළවර වෙයි දෙපාර්ශවයක් අතර පැවැති අරාවුලක් දිග දුර ගොස් ඇතිවු බහින් බස්වීමකදී එක් අයෙකුගේ හිසට බ්ලොක් ගඩොලකින් පහර දීමෙන් ඔහු බරපතල තුවාල සහිතව කෑගල්ල මභ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසිය. 16 June 2023
ඌරකු නිසා පුද්ගලයෙක් අවසන් ගමන් යයි වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ඌරෙකු ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි. 16 June 2023
බස් - බස් ගැටී සිසුන් 13ක් රෝහලට දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද 16 උදේ පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් 13න් දෙනකු සහ එහි රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 16 June 2023
අනියම් පෙම් කතක් මරයි ලාබාල අයකු හා තවත් අයකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ තිදරු මවක එක් අනියම් සැමියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 16 June 2023
බස්නාහිර,වයඹ සහ සබරගමුවට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 June 2023
කුඩු ජාවාරමාට ගලකින් ගසා මරලා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයකුට දිවෙල, පල්ලේගම ප්‍රදේශයේ දී හිසට බ්ලොග් ගලකින් ගසාමරා දමා ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 16 June 2023
පාස්කු දා රාජකාරි පැහැර හැරිය බුද්ධි නිලධාරියා ගෙදර 2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු පොලිස්පතිවරයාගේ නියමයෙන් සේවයෙන් පහ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 16 June 2023
අනාරක්ෂිත ලොරියක් කළ හදියක් කුරුණෑගල ගෝනගම ගොඩනැගිල්ලකට විදුලි ලබා ගැනීමට සවිකරන තිබූ යකඩයක් බඩු පැටවූ ලොරියක පැටලී ගැලවී පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියකගේ හිසේ වැදීමෙන් දැරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාරියපොල දිසා රෝහල් ආරංචි මාර්ග කියයි. 15 June 2023
ඩොලරයේ අගය ඉහළ යාම ගැන කලබල විය යුතු නෑ ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 15 June 2023
පොලිස් සමුළුවට එංගලන්තයට ගිහින් පැනලා ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු සේවය අතහැර ගියා සේ සැලකීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසීය. 15 June 2023
සුනාමිය දා හිරෙන් පැන්න පෙදරේරුවා මාට්ටු ගම්පහ මහාධිකරණය මරණ ම දඬුවම ලබා දී තිබියදී සැඟව සිටි චූදිතයකු වසර 19කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි. 15 June 2023
විදුලිය සැපයුම් යකඩය වැදී දැරිය රෝහලේ කුරුණෑගල ගෝනගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට විදුලි සැපයුම ලබාදීමට සවිකරන තිබූ එල් හැඩැති යකඩයක් ගැලවී පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියකගේ හිසේ වැදීමෙන් දැරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාරියපොල දිසා රෝහල් ආරංචි මාර්ග කියයි. 15 June 2023
කුරුන්දි විහාරය සතු ඉඩම් කාටවත් දෙන්නේ නෑ මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ට කරුණු පැහැදිලි කිරීමෙි ලිපියක් යවා තිබෙි. 15 June 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ 9 ක් ශ්‍රී ලංකාවේ මෙම වසරේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ. 15 June 2023
සෙංකඩගල මැණිකේ පීලි පනී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අද (15) පස්වරු 04.35 ට මහනුවර බලා පිටත් වූ වූ සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි ගංගොඩ උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 15 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026