
ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, ක්ලාක් ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරුවරියක, අපරාධ චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු වූ තරුණයකුට සිර දඬුවම් නියම කළ අවස්ථාවේ, එම තරුණයා, නීතීඥවරුන් තල්ලු කර දමා, විනිසුරු අසුනේ සිටි විනිසුරුවරිය වෙත කඩා පැන ඇයට පහර දුන්නේය.
අධිකරණ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරීන් පමණක් නොව, නීතීඥවරුන් ද වහා ක්‍රියාත්මක වී මේරි කේ හෝල්ටස් නමැති එම විනිසුරුවරිය බේරා ගැනීමට තරුණයා වෙත කඩා පැන්න අතර එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
30 හැවිරිදි ඩියෝබ්‍රා ඩෙලොන් රෙඩෙන් නමැති එම තරුණයා මෙල්ල කර ගැනීමට අධිකරණ ශාලාවේ ආරක්ෂක නිලධාරීන්ට, විනිසුරුවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත්, ගුටි බැට හුවමාරු වූ සිදුවුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් පසුව තරුණයා අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ගියේ මාංචු දමා කුදලාගෙනය. විනිසුරුවරියට සුළු තුවාල සිදුවිය.
ඩියෝබ්‍රා ඩෙලොන් රෙඩෙන්ට සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරිය කටයුතු කළේ පුද්ගලයකුට පහර දීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමිණි.
මේරි කේ හෝල්ටස් වසර 27 ක පලපුරුද්දක් ඇති විනිසුරුවරියකි.
(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විනිසුරුවරියට පහර දීලා
Aravinda Monarawila Thursday, 04 January 2024 04:51 PM
ආසියාවේ රටකුත් තියෙනවා... ඔහොම වෙන්න ඉඩ තියෙන...!
Gayan PereraThursday, 04 January 2024 08:51 PM
ඔව් එකඟයි
don Friday, 05 January 2024 08:19 AM
ග්‍රාමසේවකටත් හාමුදුරුවනේ කියන මිනිස්සු ඉන්න රටේ නම් මෙහෙම වෙන්න කිසිම ඉඩක් නැහැ..
de silva Friday, 05 January 2024 08:29 AM
ආසියාවේ රටේ දේශපාලකයන්ට සහ රජයේ නිලධාරීන්ට විරුධව දැනට ඇතිවෙලා තිබෙන ජනතා අප්‍රසාදය පෙරකදොරුවන්ට විනිසුරු වරුන්ට , දුෂිත විනිසුරු වරුන්ටත් විරුධාවත් ගොඩ නැගෙන්න පුළුවන් , හැමෝම එකතුවෙලා රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරලා ජනතාවගේ මානව හිමිකම් , පුරවැසි ඓතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්න