(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අද පාර්ලිමේන්තු සභා ගර්භයට කහ පැහැති ඇඳුමෙන් සැරසී පැමිණ සිටීම විශේෂත්වයකි.

එසේම පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ද ඒ ආකාරයට කහ පැහැති ඇඳුමෙන් සැරසී පැමිණ සිටිනු දැකගත හැකි විය.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන නොවැම්බර් 25 වැනිදා සිට ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා වාර්ෂිකව ක්‍රියාත්මක වන “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරීත්ව ව්‍යාපාරය” මෙවර ද “යුක්තිය මගේ අයිතියයි: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා එක්වමු” (#JusticeIsMyRight: UNiTE Towards Ending GBV) යන ශ්‍රී ලංකාවේ ජාතික තේමාව යටතේ ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපාරයට සමගාමීව, කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම, වින්දිතභාවයට පත් තැනැත්තියන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීම සහ යුක්තිය ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් හඬ පට මාලාවක්ද සකස් කර ඇත.