IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවෙන් අල්ලයි

(යොහාන් භාසුර)
ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වලින් මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුවේ යැයි සැකපිට පාර්සල් 11 පරීක්ෂණ කළ බවත් එම පාර්සල්  ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල  සිට  කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුර සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණ ද එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වූ බවත් ඒ මහතා කීය.  
එම පාර්සල්  තුළ ‘එක්ටසි’ නැමැති ‘මෙතන්පිටමයින්’ අඩංගු මත්පෙති 1,055 ක්, කුෂ්  නැමැති ගංජා ග්‍රෑම් 318 ක් සහ ගංජා ඇට 15 ක් අත්අඩංගුවට ගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13 කට ආසන්න බව ද සඳහන් කළේය.



අදහස් (2)

කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවෙන් අල්ලයි

sam Thursday, 04 January 2024 10:36 PM

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ CCTV කැමරා පද්ධතියක් සහ පොලිස් සුනඛයින් නිරතුරුව යෙදවීම සුදුසු වේ. පසුගිය දින 10 තුළදී වැටලීම් කළ ප්‍රදේශ නැවත හදිසි වැටලීම් කළහොත් මත්ද්‍රව්‍ය වැටලීමෙන් පසු නැවත එම ප්‍රදේශයන් / නිවෙස්වෙත මත්ද්‍රව්‍ය පැමිණ තිබේද සහ එම මත්ද්‍රව්‍ය විකිණීම කළ පුද්ගලයින්ගේ නිවෙස්තුළ වර්තමාන තත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට සහ එම නිවාස තුළ සිටිනා රැකියා නොකරන සියලු දෙනා වෘත්තීය පුහුණු වෙත යොමුකිරීමට සුදුසු වැඩපිළිවෙලක් මේ සමගම දියත් කිරීමට කටයුතු සිදුවේ නම් ඉක්මණින් පුද්ගලයින්ගේ මානසික තත්වයන් පවා වෙනස් කිරීමට හැකියි...

:       0       0

බද්රානි Thursday, 04 January 2024 10:53 PM

තැපැල් සේවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලෝකයේ පළමුවෙනි රට ලෙස ඉතිහාසයට එක්වීම සිරි ලාංකිකයින් ලෙස අපට විශාල ගෞරවයක්... සුද්දෝ තැපැල් ක්‍රමය ඇති කළාට, ඒකෙන් නිසි ප්‍රයෝජනය ලබාගන්න ඒ අය දන්නේ නැහැ... දැන් පේනවනේ අපි ලෝකයේ ඉන්න තැන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site