රැඳවියාට කුඩු ගෙනා මව මාට්ටු කළුතර බන්ධනාගාරයේ රැදවියකු වන තම පුතාට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 15 June 2023
බදු සහන ගැන රජය සාකච්ඡා අරඹයි ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 15 June 2023
කුරුදුමලේ ඉඩම් ගැන ජනපතිට ලිපියක් මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපතිතුමන් හට විශේෂ ලිපියක් යොමු කොට ඇත. 14 June 2023
මාස්ටර් ෂිෆා ෂා වෝ නාහිමියන්ට උපහාර කොළඹ හුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් ගිලන් වී සිංගප්පූරුවේ වැඩ සිටි සමයේ වසර තුනක කාලයක් උන්වහන්සේට සියලු ඇප උපස්ථාන කරමින් බලාගත් සිංගප්පූරුවේ බුඩිස්ට් ටෘෘත් රිලික් විහාරාධිපති සහ ගෝල්ඩන් පැගොඩා විහාරාධිපති මාස්ටර් ෂිෆා ෂා වෝ නාහිමියන්ට කෘතවේදිත්වය දැක්වීමේ පුන්‍ය කර්මයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ එළිමහන් භූමියේදී අද පැවැත්විණි. 14 June 2023
හෙළ රටාවට ඉවුම් පිහුම් පොත පබිලිස් සිල්වාටම හිමි වේ ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ නමැති කෘතියේ කර්තෘවරයා ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 14 June 2023
පදවියේ රුධිර පෙරණ හිඟයක් රුධිර කාන්දුකරණයේ දී භාවිත කරන පෙරණවල හිඟය නිසා පදවිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා වකුගඩු රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී පූර්ණිමා විමලරත්න මහත්මිය පැවසුවාය. 14 June 2023
ජපානයෙන් ණයට වාහන ගන්න ආනයනකරුවෝ යෝජනා කරති ඩොලර් වියදම් නොකර ජපානයෙන් ණයට වාහන ගතහැකි බවත් නව වාහනයක් සියයට 70 ක් අඩුවෙන් ආනයනය කළ හැකි බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා අද (14) පැවසීය. 14 June 2023
බොරලැස්ගමුවේ නිවෙසක් කොල්ල කෑ මේ දෙන්නා හඳුනනවාද බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට දිවා කාලයයේ ඇතුලුවී නිවසේ තිබු විදේශ මුදල්මු හා දේපළ සොරා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් හදුනා ගැනීම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතයි. 14 June 2023
අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 14 June 2023
බැසිල්ගෙන් ජනපතිට නොබිඳෙන පොරොන්දුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අවධාරණය කර ඇත. 14 June 2023
හිටපු මන්ත්‍රී පිරිසක් බිය ගන්වන්න අහසට වෙඩි තියලා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ සංවිධායකයකු විරුද්දවාදීන් පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි. 14 June 2023
දෙතැනකින් වරප්‍රසාද භූක්ති වින්ද 18 පන්නයි ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන් 18 ක් නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ. 14 June 2023
රට සිහින බොඳ කළ තරුණ යුවළක් මාට්ටු පුපිරි වැටුප් ගෙවන විදේශ රැකියාවලට යොමු කරන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ තරුණ අඹුසැමි යුවළක් රඹුක්කන බෙලිගොඩපිටිය ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා රඹුක්කන පොලිසියට බාරදිමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 14 June 2023
බන්ධනාගාරවල රැදවියෝ එකට එකක් වැඩිවෙලා රැඳවියන් 11762 ක් පමණක් රැදවිය හැකි රටපුරා බන්ධනාගාරවල රැඳවියන් 26791 ක් රඳවා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා කමිටුව) පැවසුවාය. 14 June 2023
කැණීම් බලපත්‍රයක් ඩොලර් කෝටි නවයකට විකුණලා කිසියම් ආයතනයකට ලබා දී තිබූ කැණීම් බලපත්‍රයක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට නොදන්වා හොර රහසේ ඩොලර් කෝටි නවයකට වෙනත් පුද්ගලයකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව ) තොරතුරු අනාවරණය විය. 14 June 2023
පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈද ගන්න එපා පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 14 June 2023
සංවර්ධන නිලධාරිනියගේ ගෙල කපා මරා දමලා ඌරුබොක්ක දම්පහල මහා විදුහලේ රාජකාරි කරන සංවර්ධන නිලධාරිනියක සේවය නිමා කොට තම නිවෙස යද්දී ඇය පදිංචි ගම්මානයේම තරුණයකු ඇගේ ගෙල කපා පපුවට පිහියෙන් ඇන මරාදමා ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි. 14 June 2023
බඩ ඉරිඟු වගාවට හොඳ කලදසාවක් ලබන ලකුණු ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන මඟින් සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙි. 14 June 2023
දුම්රිය ඉඩම් බදු දෙන්න අයදුම්පත් කැඳවයි දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු පදනම මත ආයෝජනයන් සඳහා පැවරීමට අයදුම්පත් කැඳවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 14 June 2023
ත්‍රිරෝද රිය පෙරළී සිසු දරුවෝ 10ක් රෝහලට පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් යාපනය , කොළම්ඹුතුරෙයි උදයපුරම් ප්‍රදේශයේ දී අද දහවල් පෙරළීයාමෙන් ළමුන් නව දෙනකු හා ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කොට ඇතැයි යාපනය පොලිසිය කියයි. 14 June 2023
නිල සංචිත වැඩි කරන්න රජය ගත් තීරණය ශ්‍රී ලංකාවේ නිල සංචිත ගොඩනැගීම අඛණ්ඩව සිදු කිරීම සඳහා විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම තවත් මාස හයකට සීමා කිරීමට රජය තීරණය කර ඇත. 14 June 2023
නැග්ග රුපියල එතනම බහියි මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව තවත් දුර්වල වී ඇත . 14 June 2023
අලුතින් ගුරුවරු 5000ක් උපාධිධාරි ගුරුවරුන් 5500ක් ළඟදීම බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 14 June 2023
යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට යති නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍ය කර්මයකින් ඉවත් කළහ. 14 June 2023
වෙඩි කා ගෙන දුව ගොස් පාළු නිවෙසක සැඟවිලා ඌරගස්මංහන්දිය හබුරුගල ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකටද ලක්ව පොලිස් ග්රහණයෙන් මිදී පලාගිය වරෙන්තුකරුවා තුඩුව ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා නියෝග කළේය. 14 June 2023
ඉන්දියාවේ සහාය ඇමෙරිකාව පසසයි ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයේ දී ඉන්දියාව ලබාදුන් ක්‍රියාකාරී සහාය ඉතාමත් වැදගත් වූ බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පැවැසුවාය. 14 June 2023
ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිම ගැටුමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 14 June 2023
නිවුන් සොහොයුරෝ ලෝක වාර්තාවකට සැරසෙති යාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් වැනි කෙටි කාලයකින් නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට බගවන්තලාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් සූදානම් වෙති. 14 June 2023
ජලය කපන්නා ආ සේවකයාට ගහලා තංගල්ල දංකැටිය වීරමාවතේ නිවසක ජලය විසන්ධි කළ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකුට එම නිවසේ සිටි අයකු පහරදී ඇතැයි තංගල්ල පොලිසිය කියයි . 14 June 2023
ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක් නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත. 14 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026