බාල බෙහෙත් සිද්ධියට තවත් හතරක් අත්අඩංගුවට ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ,ගණකාධිකාරි ඇතුලු එහි සිව්දෙනකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 20 November 2023
මහීපාල වැඩ අරඹයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම අමාත්‍යාංශයේදී අද (20) වැඩ භාරගත්තේය. 20 November 2023
කිරිඅල ගේන්නත් ඩොලර් වැය කරලා මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය කොට ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 November 2023
කමිටු කාමරවලට පිට අය තහනම් පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී කිසිදු බාහිර පුද්ගලයකුට කාරක සභාව කාමරවලට කතානායකවරයාගේ කිසිදු අවසරයක් නොමැතිව පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබ ඇත. 20 November 2023
පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් එම අලෙවිසැලෙහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 20 November 2023
වැට් බද්ද නිසා සියලුම භාණ්ඩ මිල ඉහළ යනවා වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ දැමීමෙන් රටේ සමස්ත ජනතාව අන්ත දුගී බවට පත්කරමින් බවත් ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය. 20 November 2023
අයි.සී.සීයට යවපු ලිපි තුන මැතිසබයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට යැවූ බව කියන ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය. 20 November 2023
ප්‍රපාතයට යන්න ගිය බසය පාර හරහා බුදි බදුල්ල සිට කන්දේගෙදර ට වතු සේවකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද (20) උදෑසන බදුල්ල අලුගොල්ල කොහොවිල කදුර ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරලීයාමෙන් බස්රථයට දැඩි ලෙස අලාභහානි වී එහි ගමන් ගත් වතු සේවකයන් කිසිදු තුවාලයක් නොලබා බේරි ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 20 November 2023
අයවැයේ ප්‍රායෝගික නැති දේවල් ගොඩයි අයවැය ලේඛනයේ ප්‍රායෝගික නැති කාරණා බොහොමයක් තිබෙන බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 November 2023
’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි කියන චෝදනාවට වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 November 2023
ක්‍රිකට් ආයතනය ගැන සජිත්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදන නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අද වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළේය. 20 November 2023
බ්‍රසීලයේ හිටපු ජනාධිපති තල්මසෙකුට කරදර කරලා තල්මසකුට හිරිහැර කළේ යැයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බ්නධයෙන් බ්‍රසීල ෆෙඩරල් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් බි්රතාන්යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබේ. 20 November 2023
මාඔය පිටාර ගලයි :කොටදෙණියාව යට වෙයි කොටදෙනියාව දියගම්පල වැලිහිඳ ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ ගමනාගමනය අද අලුයම සිට ඇනහිට පවතී. 20 November 2023
බ්‍රිතාන්‍ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති සටන්කාමීන් මෙම නැව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, එය රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය. 20 November 2023
ආජන්ටිනාවේ නව ජනාධිපති හවියේ මිලෙයි ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්‍රහණය කළේ ස්වාධීන මතධාරී හවියේ මිලෙයි ය. 20 November 2023
ගාසා රෝහල යට මීටර් 55 ක් දිග උමඟක් ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි. 20 November 2023
විශාඛාපට්නම් වරායේ ගින්නක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර බෝට්ටු 25 ක් සම්පූර්ණයෙන් විනාශ කරමිණි. 20 November 2023
වගා හානි ගොවීන්ට නොමිලේ ඉන්ධන දීම අරඹයි යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 20 November 2023
බුදුපිළිමට ගෙන ගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක් වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා දී රියදුරු බලපත්‍රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට පෙට්‍රල් ලීටරයක් මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින්ඉ ල්ලා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය වෙමින් පවතී. 20 November 2023
බඹරකූඩුවෙන් ආ මරුවා 75 මව ඩැහැගනී තිනියාවල පොලිස් වසමේ යට්ටපාත නෙහෙරිහේන ප්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටී වයෝවෘද්ධ කාන්තාවකගේ හිස මතට ෙබඹර කූඩුවක් කඩාවැටීමෙන් දැඩි බඹර ප්‍රහාරයකට ලක්වී මීගහතැන්න රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි 20 November 2023
අදත් සවස තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 20 November 2023
මිලානෝ දීපවාලී සැමරුමෙන් ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මිලානෝ කොන්සල් ජනරාල් ඩිලානී වීරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොන්සෝල් ජෙනරාල් කර්යාලයේ දී පැවැත්විණි. 19 November 2023
ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කිරුළ දිනයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය. 19 November 2023
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් වුවහොත්, ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. 19 November 2023
ඉන්දීයාවට අද්භූත වස්තුවක් ඇවිල්ලා ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය. 19 November 2023
මෙරට ලොකුම සෙල් ලිපිය පිටපත් කර අවසන් ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද මහතා සඳහන් කරයි. 19 November 2023
ජාජබ විරෝධයට මහා සෙනඟක් බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්රජාතන්ත්රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධාත පෙළපාලියට සහ ජන රැළිය නුගේගොඩ සමකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 19 November 2023
මින්නේරි වැවේ සැඟවෙන්න ගිය ජිවිත තුනක් බේරා ගැනෙති මින්නේරිය ජලාශයේ දියේ ගිලීමට ගිය මවක් සහ දියණියන් දෙදෙනකු මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින් දිවි ගලවාගෙන ඇත. 19 November 2023
'පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023' සම්මන්ත්‍රණයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හවායිහි පර්ල් වරායෙහි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයේ පැවති ’පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023’ සම්මන්ත්‍රණයට සහභාගී විය. 19 November 2023
කලා වැවේ වාන් දොරටු ඇරේ කලාවැව ආශ්රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැගින් විවෘත කිරීමට බෝවතැන්න වාරි ඉංජිනේරුවරයාගේ උපදෙස් මත කලාවැව ජලාශ බාර කාර්යාලය කටයුතු කරනු ලැබීය. 19 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026