ක්‍රිකට් තහනම පාවා දීමක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා අද (19) පැවසීය. 19 November 2023
බෝක්කු කැට ගෙනියන්න ආ හිටපු ප්‍රා මන්ත්‍රීට විරෝධයක් කල්පිටිය මදුරන්කුලිය කඩයමෝට්ට උප කාර්යාලයෙ තිබු බෝක්කු කැට තොගයක් ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරයකු රැගෙන යාමට සැරසෙද්දී කඩයමෝට්ට ගම්මානයෙ පිරිස් කඩා වැදි මෙම කාර්යාලය වට කර ඇති වන්නට ගිය ගැටුමක් මදුරන්කුලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීහු මැදිහත් වී වලකා දැමිමට සමත් වූහ. 19 November 2023
පොල්ගහවෙලදී දුම්රියක් පිලිපනී පොල්ගහවෙලදී අංක 1164 දරණ දුම්රිය අද (19) පස්වරුවේ පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දෙපසටම ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 November 2023
බිබිල - ලුණුගල මාර්ගය විශාල ගලක් පාත් වේ බිබිල ලුණුගල මාර්ගයට අද 19 සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බිබිල පොලීසිය කියයි. 19 November 2023
ඉන්දියාව ලකුණු 240 කට දැවී යයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ටේ්රලියාව අතර අහමදාබාත් දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 යේදී ලකුණු 240 කට සීමාකිරීමට ඕස් පන්දුයවන්නෝ සමත් වූහ. 19 November 2023
හවුති කැරළිකරුවෝ ඊශ්‍රායල නෞකාවලට අනතුරු අඟවති ඊශ්‍රායල සමාගම්වලට අයිති හෝ ඊශ්‍රායල සමාගම් යටතේ මෙහෙයුමේ සිදු කරන සියලුම නෞකාවලට හවුති කැරළිකරුවන් ඉදිරියේදී ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායල ධජය යටතේ යාත්‍රා කරන නෞකාවලින් තම පුරවැසියන් ඉවත් කරගන්නා ලෙස අනෙකුත් රටවලට දැනුම් දෙන බවත් යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන්ගේ ප්‍රකාශක ජනරාල් වාහ්යා සරියා ප්‍රකාශ කර ඇත. 19 November 2023
පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත. 19 November 2023
‘‘සීනි හිඟයක් වෙන්න බෑ‘‘ බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යාමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය. 19 November 2023
’’ විනිසුරු පත් කිරීමෙිදී පැටිකිරිය හොයන්න’’ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ දී එම විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපය පරීක්ෂා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබේ. 19 November 2023
පාසල් සිසුන් දෙදෙනා නිවෙසට පැන යතුරු පැදියක් උස්සලා මීගොඩ කොම්පයාහේනේ නිවසකින් යතුරුපැදියක් සොරකම් කර, පදවමින් සිටි පාසල් ළමයින් දෙදෙනකු එම යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගත් මීගොඩ පොලිසිය පවසයි. 19 November 2023
විශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියට ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය, ෂෙයින්ස් පැලැසියෝස් සමත් වූවාය. 19 November 2023
ජල පහරට අයෙක් බිලි ධාරානිපාත වර්ෂාව අතරතුර රංගල ප්‍රදේශයේ ඔයක් උතුරා ජලයෙන් යට වූ පාලමකින් යතුරුපැදියකින් ගමන් කිරීමට උත්සාහ කළ පනස් හැවිරිදි පුද්ගලයකු ජල කඳට හසුවී ගසාගෙන ගොස් මිය ගිය බව පොලිසිය කියයි . 19 November 2023
පොලීසියෙන් බේරෙන්න බොල්ගොඩ ගඟට පැනලා? අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිළධාරීන් ගෙන් බේරීමට බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැක පුද්ගලයකු ගේ මළසිරුරක් අද පානදුර මෝදර ධීවර වරාය ආසන්නයට ගොඩගසා තිබියදී හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 19 November 2023
‘අම්බුළුවාවේ කෝටි දාහතක වංචාවක් ‘ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයේ කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි විගණන වාර්තාවකින් තහවුරු වී තිබෙන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 November 2023
එදා බදු අඩු කරන්න සජබෙ- ජවිපෙ ඒකමතිකව අත ඉස්සුවා රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 19 November 2023
අල් ශිෆා රෝහල මරණය වැළදගන්නා කළාපයක් ගාසා තීරයේ අල් ශිෆා රෝහල මේ වන විට මරණය වැළඳගන්නා කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 19 November 2023
අයවැයේ මුල් අරමුණ සරණක් අවැසි අයට පිහිට වීමයි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 November 2023
හිමි නමගේ පිහි පහර කැ පී.සී මරුට දෙණියාය ,පල්ලෙගම ප්‍රදේශයේ දී හිමියනමක් තියුණු ආයුධයකින් පහර දි බරපතළ තුවාල ලැබූ දෙණියාය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා දින තුනක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) මියගොස් ඇතැයි පොලීසිය කියයි . 19 November 2023
යතුරුපැදි ගැටී දෙකක් මරුට වව්නියාව ඒ- 9 ප්‍රධාන මාර්ගයේ ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 19 November 2023
ලංකාව-මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරිම සඳහා සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කටයුතු කිරීමට සාකච්ඡා වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 November 2023
පී සී ට අයිස් මත්ද්‍රව්‍ය සැපයු පුද්ගලයා කටුනායකදී කොටුවෙයි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 19 November 2023
‘තේ ආදායම පස් ගුණයකින් වැඩි කරන ක්‍රමයක් ‘ මෙරට තේ වගාවේ අස්වැන්න පස් ගුණයකින් ඉහළ නැංවීමට අධි ඝනත්ව වගා ක්‍රමය ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ. 19 November 2023
මුඟුරකින් පහරදී සැමියා ඝාතනය කරලා ඉපලෝගම, විජිතපුර ප්‍රෙද්ශයේදී දී බිරිද විසින් මුගුරකින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 19 November 2023
මධ්‍යම,සබරගමුව සහ ඌව අද තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 November 2023
ගාල්ල දඩල්ලේ දී වෙඩි තැබීමේ සිද්ධියට හතරක් මාට්ටු ගාල්ල කොළඹ මහා මාර්ගයට සමීපව ගාල්ල දඩල්ලේ පිහිටි ඉහළ පෙලේ සංචාරක හෝටලයක් අසලදී ඊයේ ( 18 ) සවස පිය පුතු දෙපලකට වෙඩි තබා පලා ගිය සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි. 19 November 2023
බදුල්ල - වැලිමඩ පාරට පස් කඩා වැටේ බදුල්ල වැලිමඩ මාර්ගයට පුහුල්පොල ප්‍රදේශයේ දී අද 18 රාත්‍රී 7 ට පමණ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇතැයි වැලිමඩ පොලිසිය කියයි. 18 November 2023
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 32.5ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මැක්ගවර්න් ඩෝල් ව්‍යාපෘතියක් වන අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර ආහාර සහ ළමා පෝෂණ වැඩසටහනට අමතර ප්‍රදානයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 32.5 ක මුදලක් ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 18 November 2023
චීනයේ ආර්ථික උපදේශිකාව දිවයිනට මහජන චීන සමූහආණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් ( Shen Yiqin ) මහත්මිය නිල සංචාරයක් සදහා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියාය . 18 November 2023
ලීයෙන් තැනූ චන්ද්‍රිකාවක් අභ්යාවකාසයට යවන්න යයි අභ්‍යවකාශ තරණයේදී වඩාත් අභ්‍යවකාශයට හිතකාමී අයුරින් සිදු කිරීම සඳහා නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ලොව ප්‍රථම වතාවට ලී වලින් සැදූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීම සඳහා සැලැසුම් කර ඇත. 18 November 2023
ක්‍රිකට් තහනමට ශම්මි දුන් ලිපිය මැතිසබයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. 18 November 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026