පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ග 15 වැනිදා වහයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පොල්ගහවෙල - කෑගල්ල හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා මේ මස 15 වැනිදා පෙරවරු 7.00 සිට සිට 18 වැනිදා දක්වා පෙරවරු 7.00 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවමින් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2023
ඉදියවෙන් යෝගා උගන්වයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා ප්‍රදේශ රැසක මේ මස 17 වැනිදා සිට 21 දක්වා දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. 13 June 2023
වකුගඩු වෛද්‍යවරයා අභිරහස් ලෙස මියයයි තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි. 13 June 2023
මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව 19 කැඳවයි පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. 13 June 2023
මීගොඩ වෙඩි තැබීමේ හතර දෙනා රිමාන්ඩ් බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයාට මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම්බාරයේ සිටි සැකකරුවන් සිව් දෙනා 27 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (13) දින නියෝග කළාය. 13 June 2023
‘‘මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය නෑ‘‘ විද්‍යුත් විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද(13) පැවසීය. 13 June 2023
ඩොලරය යළි ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 13 June 2023
චීනය පියාඹන පීරිසියක් හදලා චීන විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි. 13 June 2023
ක්‍රෂර් යන්ත්‍රයක් කෝටි තුනක් වතුරේ යවයි සීමාසහිත ලංකා පොස්පේට් සමාගම අලුත් යන්ත්‍රයක් වෙනුවට පාවිච්චි කළ ක්‍රෂර් (crusher) යන්ත්‍රයක් මිලදී ගෙන පාවිච්චි නොකර අතහැර දැමීම නිසා එම ආයතනයට තුන්කෝටි හතළිස් හය ලක්ෂයක පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 13 June 2023
කැබිතිගොල්ලෑවේ නීතිඥයකුට පහරදීලා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවා කටයුතු අවසන් කොට නිවෙස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටී නීතිඥවරයකූට එල්ල වු මැර ප්‍රහාරයකින් තුවාල ලබා පදවිය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පදවිය පොලීසිය කියයි. 13 June 2023
මාළුත් කේතයට මාළු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාළු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනිමින් සිටින බවත් මේ වෙනුවෙන් මූල්‍ය ශක්තිය ඇතිකර තිබෙන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 13 June 2023
නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබේ. 13 June 2023
බහාලුම් එක්දහස් දෙසීයක් වරායේ හිරවෙලා විවිධ බහලුම් 1200ක් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පර්යන්තයේ වසර කිහිපයක සිට රඳවාගෙන සිටින බව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 13 June 2023
අයවැය අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට 2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් ජාතික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 13 June 2023
ටෙලිකොම් පෞද්ගලීකරණය කළාට ජාතික ආරක්ෂාවට තර්ජන නෑ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය. 13 June 2023
සංචාරක කර්මාන්තය නංවන යෝජනා 25කට කැබිනට් අනුමැතිය ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. 13 June 2023
රටබීම හලේ සල්ලි බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා බැංකු ගත කිරීම සඳහා මත්පැන් අලෙවි සලක කළමනාකරුවකු බෑග් එකක් තුළ දමාගෙන රැගෙන යමින් තිබූ රුපියල් 230,000මුදලක් කුරුණෑගල සූරතිස්ස මාවතේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන පලාගොස් ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 13 June 2023
නෑබඩ මහා විදුහලේ AC තුනම උස්සලා නෑබඩ මහා විදුහලේ පරිගණක විද්‍යාගාරයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍ර තුන පෙරේදා (11) ඉරිදා රාත්‍රී හොරු විසින් ගලවාගෙන ගොස් ඇතැයි තෙබුවන පොලිසිය පවසයි. 13 June 2023
පානදුරෙන් ව්‍යාජ කච්චේරියක් අල්ලයි ව්‍යාජ ලෙස පවත්වාගෙන හොර කච්චේරියක් අද අළුයම වටලා හිටපු නගර සභා ලිපිකරුවකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 13 June 2023
ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනයට ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 June 2023
මැතිවරණ පනතට කැබිනට් අනුමැතිය මැතිවරණ (විශේෂ විධිවිධන) පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 13 June 2023
මාතර වෙඩි තැබීමක් වලස්ගල දෙමටපිටිය කුමාරතුංග මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. 13 June 2023
මූල්‍ය සමාගමේ හිමිකරු පැහැර ගත් භික්ෂුවක් මාට්ටු දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන අයකු කැබ් රථයකින් බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ ඇයි කියන භික්ෂූන් වහන්සේ නමක් සැකපිට පෙරේදා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 June 2023
වැරදි ලෙස කුකුළු මස් ප්‍රවාහන කළාට දඩ ගසයි නියමිත උෂ්ණත්වය නොමැතිව කුකුළු මස් ප්‍රවාහනය කළ දිවයිනේ ප්‍රධාන පෙලේ කුකුළු මස් නිශ්පාදන හා බෙදා හැරිමේ සමාගමක බෙදාහැරිමේ නියෝජීතවරයකුට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කළ ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම් පටබැදිගේ මහත්විම අදාල මස් තොගය විනාශ කිරීමට එය අත් අඩංගුවට ගත් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින්ට නියෝග කළාය . 13 June 2023
බස්නාහිරට, සබරගමුවට තරමක තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 June 2023
බොරලැස්ගමුවේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා බොරලැස්ගමුව, කටුවාවල මාවත , නිවසකට ඇතුළු වී මෙහෙකාරියට උල්පිහි පෙන්වා මරණීය තර්ජන එල්ල කර නිවසේ තිබූ රුපියල් එක්කෝටි හත්ලක්ෂ හත්දාස් අටසියයක් වටිනා දේපල කොල්ලකා පලාගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 13 June 2023
නින්දෙදි ඔළුවට පිහියෙන් ඇණ මරා දමලා අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 13 June 2023
ඌරුබොක්ක කොල්ලයේ මෝටර් රථය හමුවේ ඌරුබොක්ක හුලංකන්ද හීගොඩදී ව්‍යාපාරිකයකුගේ නිවසින් මුදල් රුපියල් කෝටිකට අධික මුදල් හා රන් ආභරණ ද ජංගම දුර කතන තුනක්ද ඇතුලු දේපල කොල්ලකැමට යොදා ගත් මෝටර් රථය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 June 2023
වැලිසර ආර්ථිකය හදන්න දුන් කෝටි 4ක් අතුරුදහන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එකතු කළ රුපියල් ලක්ෂ 450 මුදල අමාත්‍යාංශයේ තිබී අතුරුදන් වී ඇති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව දැනුම්වත් කළද මෙතෙක් කිසිම අවධානයක් යොමු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ ප්‍රධාන ලේකම් රොෂාන් කුරේ මහතා පැවැසීය. 12 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026