
(සමන් පාලිත නානායක්කාර)
පස්සර මඩොල්සිම මාර්ගයේ මැටිගහතැන්න තිස් වැනි කිලෝමීටර් කණුව අසල මාර්ගය පාර මැදින් පුපුරා විශාල ලෙස ගිලා බැසීමට ලක්වී ඇති අයුරු මෙහි ඇති ඡායාරූපයෙන් දැක්වේ.
මේ තත්ත්වය යටතේ මෙම මාර්ගයේ බිබිල ඩිපෝව මගින් ධාවනය වන ඇකිරිය බස් රථය සහ බදුල්ල ඩිපෝවෙන් ධාවනය වන පස්සර හරහා ඇකිරිය යන බස් රථ මේ දිනවල ධාවනය වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
පවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග ගිලා බැස තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එකකුත් යන පාරක හැටි... මේක ත්‍රීවල් එකක් යන්න සුදුසු පාරක් වගේ පේන්නෙ...රටේ මාර්ග පද්ධතියට ගිය කල?