
(ජේ.ඉඳුරුවගේ )
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය.
අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධූරයේ කටයුතු කර ඇති ඇය මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද සේවය කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු වන වසන්තා පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තනතුරට පත් වෙන්න ඕන අධ්‍යාපනය පිළිබදව ආචාර්ය උපාධියක් තිබෙන, නවීන තාක්ෂණික දැනුම සම්බන්ධව මූලික උපාධියක් තිබෙන (ඉංජිනේරු වැනි) කෙනෙක්. මේ අයට තියෙන්නේ masters විතරයි. එහෙම කෙනෙක් පර්යේෂණ සම්බන්ධව දැනුමක් නැහැ. පාඨමාලා දැනුම පමණයි. තර්කාණුකූලව ඉදිරිය හිතන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මෙහෙම චරිත තමන්ගේ මමත්වයෙන් රගනකොට පුදුම වෙන්න දෙයක් නෑ. තාරා ද මෙල් මතකයිනේ. ඉගෙනීම ගැන ඉගෙන ගන්න කෙනෙක් ඔ්නා ඒ තනතුරු වලට පත් වෙන්න. පෞද්ගලිකව මම මෙයාව අදුරන්නෙවත්, තරහක් යාලුකමක්වත් නෑ. සහතික දිහා බලලයි කියන්නෙ. සමහරවිට ඇය දක්ෂ කෙනෙක් වෙන්නට පුලුවන්. නමුත් කලා උපාධි, විද්‍යා උපාධි වැහැ වැහැලා තියෙන යුගයක ඉස්කෝල අධ්‍යාපනය ඉදිරියට ප්‍රයෝජනයක් වෙන විදිහට කරන්න නම් ඒ දරුවන්ට තමන්ගේ නිර්මාණාත්මක බව විශ්වාස කරලා තෝරාගැනීම් කරන්නට ඉඩ දිය යුතුයි. අධ්‍යාපන මට්ටම කෙසේ උවත්, ඇයටත් ඇයගේ අධීක්ෂණය ලබන අනාගත දරු පරපුරටත් සුබ පතනවා. ලොකු වගකීමක්. අඩු තැන් පුරවගෙන ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම.
මොන සුදුසුකම් තිබුනත් ස්වාධීන කොන්ද පන නැත්නම් වැඩක් නෑ.
පොත් කියවල විභාග පාස් කොරන්න වගේ වැඩත් කෙරුවොත් තමයි හොඳ
බදු හොරුන්ගෙනුත් බදු අයකර ගත්තේ නැත්නම් හෙන ගහනවා ,මේ ගෑනිට
පේපර් ක්වලිෆිකේෂන් බලලා පහුගිය ලේකම් ජාතික පාසල්වලට විදුහල්පතිවරු පත් කලා... ඒව සියල්ල විනාශයි....රෝයල්...ගාල්ල මහින්ද...රිච්මන්ඩ්...විශාඛා මොකද වුනේ? ඒවට දාපු විදුහල්පතිලාවිභාග පාස්...ඒත් වැඩ බැහැ...පාසලක දවසක්වත් උගන්නලා පුරුදුදක් එයාලට නැහැ..අධ්‍යාපන පද්ධතියේ සජීවි බව නොදත් අය පද්ධතිය විනාශ කරනව. ළමයි ගුරුවරු කියනනේ ෆයිල් කියල හිතාගෙන ඉන්නෙ....මෙයත් එහෙම වුනොත්....ලක්ෂ 45 ක ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි..
සිස්ටමි එකක් නැති රටෙි ඔය ඔක්කොම පඹයො
උගත්කම මදියි ඔය තනතුරට. අචාර්ය උපාධියක්වත් නැති කෙනෙක් කොහොමද රටක අනාගතය හදන්නේ?