දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ඇතැම් ස්ථානවල මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd