තීලීපන්ගේ පෙළපාලිය වීඩියෝ කළ පී.සී. පන්නා දමලා උපවාසයක නිරතව සිටිය දී මියගිය එල්ටීටීඊ සාමාජිකයකු වන තිලීපන් නැමැත්තා සිහිකරමින් මන්නාරම දක්වා ගමන්ගත්රථ පෙළපාලියක් වීඩියෝ ගත කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අල්ල ඔහුගේ කැමරාවේ තිබූ විඩියෝ මකා දමනා ඔහු පන්නා දමා ඇතැයි පොලිසිය කියයි. 21 September 2023
පළාත් තුනකට-දිසා දෙකකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 September 2023
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙකක් මරුට:දෙකක් රෝහලට අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 21 September 2023
විශ්‍රාමික සෙබලිය රට යවා ගනිකා වෘතියේ යොදවලා විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරියක සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා එහි දී ගණිකා වෘත්තිය සඳහා යොමු කළ බව කියන මෙරට ජාවාරම්කාර කාන්තවක් තඹුත්තේගම ප්‍රදේශයේ දී තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්රී්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුව ගනු ලැබුවාය. 20 September 2023
නැ‘හිර ආණ්ඩුකාරවරයාගෙන් චෝදනාවක් තිලීපන් සැමරැම් රථ පෙලපාලියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහල ජනයා වෙසෙන ප්‍රදේශයකට රැගෙන ඒමෙන් ජාතින් අතර සංහිඳියාව හා සමගිය විනාශවු බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවැසිය. 20 September 2023
’’මන්ත්‍රී වැඩමුළුවට මට ආරාධනයක්වත් තිබුණේ නෑ’’ - නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගීවී නැතැයි වාර්තා වේ. 20 September 2023
මුදල් මණ්ඩලයෙන් දෙදෙනෙක් ඉවත් වෙති ශ්‍රී ලාකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා ඉවතවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 20 September 2023
ජනපති තිරසර සංවර්ධන ඉලක්ක සමුළුව අමතයි තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී පැවසීය. 20 September 2023
වර්ජන තහනම් කරන නීති හදන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ජනතාවගේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් දීර්ඝ කාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට ආදාල නිලධාරීන්ට කිසිම ආකාරයකට වැඩවර්ජනයකට සහභාගී වෙමින් ජන ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වන ආකාරයට කඩිනම් නීති සම්පාදනය කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. 20 September 2023
‘‘ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරන්න හදනවා‘‘ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව අනාවරණය වන අලුත් තොරතුරු පැතිරවීම වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව හදිසියේම සමාජ මාධ්‍ය පාලනයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී ඊයේ(20)පැවසීය. 20 September 2023
පස්කපන යන්ත්‍රයට යටවී සිසුවා මරුට අමතර පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි මතුගම නෑබඩ පාර දෙහිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවකු ස්කැවේටර් යන්ත්‍රයකට අසුවීමෙන් අද සවස මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 20 September 2023
හිරිපිටියේ පාසලක් වහයි ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාසයට අයත් හිරිපිටිය ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට වැළඳී ඇති චර්මගත රෝගයක් හේතුවෙන් එම පාසල දින කීපයකට වසා දමා ඇති බව වාර්තාවේ. 20 September 2023
ෂාරුක්ගේ ජවාන් කෝටි 1000 ආසන්නයේ ෂාරුක් ඛාන් ගේ ජවාන් චිත්‍රපටය ගෝලීයව උපයා ගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1000 කට ආසන්න වී තිබේ. 20 September 2023
ෂරියා විශ්ව විද්‍යාල හිසිබුල්ලාටම දෙයි වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට බරදී ඇත. 20 September 2023
සිරිපර කොට උස්සා පොලිසියට අසුවෙද්දී දුම්රියට පැනලා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්පර කොටයක් සොරාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන දුම්රිය සේවකයකු අත්අඩංගුවට යද්දී දුම්රියකට පැන දිවි නසාගෙන ඇතැයි ගම්පොල මූලස්ථාන පොලීසිය පවසයි. 20 September 2023
සවලේ බලයෙන් විසන්ධිකළ ජල සැපයුම යළි ගනී ජල සැපයුම විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට පහරදී විසන්ධි කළ ජල සැපයුම ලබා ගත් පුද්ගලයකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 20 September 2023
ගමන් බෑගයක මළ මිනියක් දැමූ සිද්ධියේ හයක් රිමාන්ඩ් මීගමුව කිඹුලාපිටියේ හෝටල් හිමියකුගේ පුතකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක් වංචා කළ බව කියන විදේශ රැකියා නියෝජිතයකු පැහැරගෙන ගොස් දසවද දී ඝාතනය කර ඔහුගේ සිරුර ගමන් බෑගයක දමා අඬුගම් ඔ අසල දමා ගියැයි කියන සිද්ධියේ සැකකරුවන් හය දෙනා ඔක්තෝබර් 4 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය. 20 September 2023
බිරියට අයුතු බලපෑම් කළැයි සිසුවා පැහැරගෙන පහරදීලා බිරිඳට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් මත 16 හැවිරිදි දරුවකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 20 September 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය. 20 September 2023
ලෝක කුසලානයේ නායකත්වයත් දසුන්ට ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. 20 September 2023
ලංකාවට ’’මෙටා’’ සහයත් ලැබෙයි ෆේස්බුක්,වට්ස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ ජාලා රැසක් හිමි ඇමරිකා බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන මෙටා (Meta)සමාගමේ සහය ගෙන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි. 20 September 2023
දළ ඇතා ගොවියාගේ උගුලේ ගැටී මරුට නෙකුටුණුවැව ප්‍රදේශයේ වගා භුමියක් වටා ඉදිකරන ලද අනවසර විදුලි වැටක ගැටි ඇතකු මිය යාමේ සිද්ධියකට එම වගා භුමියේ හිමිකරුවා අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවි සහකාර එම්.ඒ.කේ.එස්.දිසානායක මහතා පැවසිය. 20 September 2023
හැට්ටකටු ගිල පැන ගිය සැකකරු මාට්ටු පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසියට කැඳවා සිටියදි පොලිස් චෝදනාගාරය අසලදී හැට්ට කටු දෙකක් ගිල රෝහල් ගත කිරීමෙන් පසු රත්නපුර රෝහලින් පලාගොස් සිටි සැකකරුවෙක් ගොඩකවෙල රිදීවිට ප්‍රදේශයේ වත්තක සැගව සිටියදි අද (20) අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය පවසයි. 20 September 2023
ප්‍රවාහන ආයතන පනතට කතානායකගේ සහතිකය ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතික සටහන් කළේය. 20 September 2023
විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සටනට සැරසෙයි විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ. 20 September 2023
සිරිකොතේදී වජිරගෙන් ප්‍රකාශයක් බංකොලොත් වූ රට ගොඩගැනීම සඳහා වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුව ඇති මොහොතේ ඒ ගමනට වෛරය ක්‍රෝධය මුසු කිරීම බලවත් කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 September 2023
’’ගත්ත ණය මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ’’ බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිව්යෝක් නුවර දී පැවසුවාය. 20 September 2023
දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මන් වෙයි අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ සභාපති, ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. 20 September 2023
‘ජනපති කාර්යාලයේ වාහන 28 ක් රක්ෂණය කර නෑ’ ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. 20 September 2023
තීලීපන් සැමරුමට එරෙහිව ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි වව්නියාව නගරයේ තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි ඉල්ලා වව්නියාව පොලීසිය අධිකරණයෙන් ඉල්ලු තහනම් නියෝගය අද (20) වව්නියාව අධිකරණය ප්‍රතික්ෂේප කළේය. 20 September 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026