
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර දේශපාලන සන්ධානයක් සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ.
අදාළ පක්ෂ දෙකේ නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් ද පැවැත්විණි.
නිදහස් ජනතා සංධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර,කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහත්වරු ඇතුළු පිරිසක් මෙහිදී නිදහස් ජනතා සංධානය වෙනුවෙන් සාකඡාවට එක්වුහ.
පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික සංවිධායක ධම්මික රත්මලේ, වැඩබලන ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, පාරිසරික ලේකම් ප්‍රසන්න අමරතුංග, පරිපාලන ලේකම් තිලිණ පීරිස්, නීති ලේකම් භූපති කහතුඩුව, සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත්, ප්‍රචාරක ලේකම් අංජන උදාර යන මහත්වරු සහභාගී වූහ.
ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව ඉදිරියටම ගෙනයන බව පක්ෂ දෙකේ නායකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පක්ෂ දෙකක් දේශපාලන කසාදෙක
Lalla Monday, 01 January 2024 02:59 PM
පුළුල් සංධාන හදන්නලු... දැනටම කීයක් තියනවාද? අවසාන ප්‍රතිඵලය ත්‍රී වීල් පක්‍ෂ සංධාන ගොඩනැගීම...!
Asanga Monday, 01 January 2024 03:11 PM
මැක්කා යන්නේම බල්ලාගේ ඇඟේ එල්ලෙන්නයි...
සිල්වා Monday, 01 January 2024 03:20 PM
රට විනාශ කරපු රැල නැවත සාකච්ඡා කෙරුවාට මහජනතාව මොවුන්ට නැවත රැවටෙනවා නම් රටට අබසරණයි...!
රනේ Monday, 01 January 2024 03:22 PM
බය හිතෙනවානේ..!
Perera Monday, 01 January 2024 04:17 PM
ඔය ඔක්කොම ප්‍රතිඵලයක් නැති බණ්ඩක්කා සෙවලයෝ...!
Kazi Shajahan Monday, 01 January 2024 04:18 PM
ඔය සෙට් එකම නන්නත්තාර වෙලා ඉන්නේ... ඔතැන කවුරුවත් නැවත පාර්ලිමේන්තුවට එන්නේ නෑ.
fairoos Monday, 01 January 2024 05:08 PM
දැනට මෙහෙම සාකච්ඡා පවත්වලා අන්තිමට පොහොට්ටුවේ එල්ලෙනවා ශුවර් එකටම...!
sn Monday, 01 January 2024 09:49 PM
අම්මෝ ඉන්න ලේකම්ල ගොඩ
Sugath Tuesday, 02 January 2024 09:27 AM
මේ හැමෝම ඔය සංධානේ එදා ඉදලා හිටිය අය නේද? තවත් මොන දීගද? මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලා.....