
ජපන් භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, විදුලි බල සැපැයුම් ද අඩපණ වී ඇති බවත් වාර්තා වේ.
නිවාස රැසක් මුළුමනින්ම බිමට සමතලා වී තිබේ. ඒවා තුළ බොහෝ දෙනකු සිරවී සිටින බව වාර්තා විය. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොහෝ දෙනකු පණ පිටින් වැළැලී ගිය බවය.

භූමි කම්පාවෙන් මාර්ග බොහොමයක් ඉරිතලා ගොස් තිබුණු බැවින්, ගමනා ගමන කටයුතු අඩපණ විය.
35,000 ක පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
භූමි කම්පාවෙන් දෙදෙනකු මියගිය බවත්, තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවැසෙයි.
විපතට පත්වූවන්ට ආධාර දීමට ජපන් රජය හමුදාව යෙදවිණි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් අලුත් අවුරුදු පණිවිඩයක්...!