රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.
ඉෂිකාවා පළාතේ නෝටෝ වෙරළ තීරයේ වැසියන්ට වහා උස් බිම් වෙත යන්නැයි බලධාරීන් උපදෙස් දුන් බව ජපානයේ එන්.එච්.කේ. පුවත් සේවය පැවැසීය.
සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ මීටර් 3 ක් හෝ 5 ක් පමණ උස මුහුදු රළ ගොඩබිමට කඩා වැදීමට ඉඩ ඇතැයි පවසමිනි.
නිගාටා, ටොයියාමා යන පළාත්වලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු බව පැවැසෙයි. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි දෙදරා ගියත්, ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු
ජනත් කුමාර උඩුවිදාන Monday, 01 January 2024 05:35 PM
සියලුම ජපන් ජාතිකයින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනුහසින් ආරක්ෂාවේවායි ප්‍රාර්ථනා කරමි...