(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා කීය.
එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා සෞඛ්‍ය උපදෙස් යළි පිළිපදින්න
රංබොඩ Tuesday, 02 January 2024 09:27 PM
කර්මාන්ත සහ සෞඛ්‍ය කීවම හරියට අළුකෙහෙලුයි කැවුමුයි වගේ