
(නිමල් ජයරත්න)
පොළොන්නරුවව දිස්ත්‍රික්කයට බලපා තිබෙන ආපදා තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර උසස් පෙළට පෙනී සිටින සියලු දරුවන් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලය විශේෂ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යා විභාගේ කොමසාරිස් එච්.එම්.ඒ. විපුලසිරි හේරත් මහතා සඳහන් කළේය.
ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් දිඹුලාගල අරලගංවිල, වැලිකන්ද යන අධ්‍යාපන කොට්ඨාසවල පාසල් විභාග අයදුම්කරුවන්ට සහ පෞද්ගලික විභාග අයදුම්කරුවන්ට උසස් පෙළ විභාගය අවසාන වෙන තෙක් පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද හේරත් මහතා වැඩිදුරටත් කීය.
විභාග දෙපාර්තමේන්තුවක් ලෙස ඊට අවශ්‍ය කාර්යමණ්ඩලය මෙන්ම විභාග ප්‍රශ්න පත්‍රය මධ්‍යස්ථානයෙන් නිකුත් කරන අතර සිසුන්ට මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවද විශේෂ විභාග මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්ව විශේෂ ප්‍රකාශයක් කරමින් හේරත් මහතා ඒ බව කීය.
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශය ගංවතුරෙන් යටවීමත් සමග දින කිහිපයක් පුරා මනම්පිටිය, කදුරුවෙල අතර විශේෂ දුම්රිය සේවාවක් යොදවා තිබීම හේතුවෙන් පාසල් සහ පෞද්ගලික විභාග අයදුම්කරුවන්ට විද්‍යාලවලට යෑමේ දුෂ්කරතාවය මගහරවමින් මනම්පිටි සිංහල මහා විද්‍යාලය විශේෂ විභාගයක් මධ්‍යස්ථානය ලෙස කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළහ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගංවතුර නිසා පොලොන්නරුවට විශේෂ විභාග මධ්‍යස්ථානයක්