IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාව මානුෂිය ඛේදවාචකයකට පත්වෙලා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (3) පැවසීය.

සාරි සහ සිල්රෙදි බෙදා ජනතාව චූන් කරමින් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවත් ණය ප්‍රතිව්‍යුවහගතකරණය කිරීම, ආණ්ඩුවේ වියදම් පාලනය කරගැනීම. ආණ්ඩුවේ ආදායම් වැඩි කරගැනීම වැනි දෑ මූල්‍ය අරමුදල කිව්වත් නොකිව්වත් කළයුතු බවත් ඒ මහතා කීය.

පෝලිම්, බඩු හිඟයක්, පොහොර හිඟයක් නොමැති නිසාත් වාහන හැර අනිත් සියලුම දෑ සඳහා ආනයන සීමා ඉවත්කර ඇති නිසාත්,  රට  මූල්‍යමය වශයෙන් ස්ථායිකරණය කර ඇතැයි ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මහ බැංකු අධිපතිතුමා සහ රජයට උපදෙස් සපයන විශේෂඥවරු පවසන බව කී රණවක මහතා පසුගිය උත්සව සමයේදී විශාල පිරිසක් රට වටේ මෙන්ම විදෙස් සංචාර සඳහා ගොස් මුදල් වියදම් කළ නිසා මෙන්ම රටේ බොහෝ ස්ථානවල  සැණකෙළි පැවැත් වූ හේතුවෙන් රට සාමාන්‍යකරණයට පත්ව ඇතැයි ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

අධික විදුලි බිල්, අධික ඉන්ධන ගාස්තු සහ දුරකථන ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම දෑ හේතුවෙන් එය රටේ ආර්ථික වර්ධනය ඇණහිටවන හේතුවක් බවට පරිවර්තනය වීමක් බව ද එමගින් ආර්ථික හැකිලීමක් සිදුවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් කීය.

‘නව වසරේ දේශපාලන හා ආර්ථික අභියෝග’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය. 



අදහස් (5)

ලංකාව මානුෂිය ඛේදවාචකයකට පත්වෙලා

Rohitha Wednesday, 03 January 2024 05:15 PM

ඔබතුමා නැවතත් උදය ගම්මන්පිල මැතිතුමා සහ විමල් වීරවංශ මහතා වැනි ජාතිමාමක බලවේගයන් සමඟ එක්ව පොදු අපේක්ෂකයා ලෙස ජනාධිතිවරණයට ඉදිරිපත් වෙන්න, සියළුම දේශහිතෛෂී බලවේග ඔබ සමගයි...

:       1       1

fairoos Wednesday, 03 January 2024 05:26 PM

බයියන්ට මේවා තේරෙන්නේ නෑ...

:       5       9

Lal Wednesday, 03 January 2024 06:26 PM

මෙයත් ඉතින් කොහේ හරි තැනකට set වෙන්න talks දෙනවා ... කරන දෙයක් නෑ

:       0       2

සිංහල නින්ජා Thursday, 04 January 2024 02:03 AM

මේ ඉන්නෙ බයියොත් එක්ක බුදියපු එකෙක්.හමබෙයො බයඊ බයියන්ට.

:       1       2

Chamath perera Thursday, 04 January 2024 11:11 AM

දැන් සුදනා වෙන්න හැදුවට උඹත් මේවට වග කිව යුතුයි .උඹලා තමයි ආසියාවේ ආශ්චර්ය ගෙනාවා කියලා මයිනව ගෙනාවේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site