IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිනි අවිය සුද්ද කරන්න ගිහින් වෙඩි වැදිලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි.

තුවාල ලද 39 හැවිරිදි ව්‍යාපාරිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල වෙත ඇතුළත්ව ඇති බවට ජාතික රෝහලේ පොලිස් මුරපොළ මගින් පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කළ බව පොලිසියේ සඳහන් කරයි.

තුවාල ලද ව්‍යාපාරිකයා වැලිසර නාවික හමුදා කඳවුරේ පුහුණුවකට සහභාගි වීමට නියමිතව තිබී ඇති අතර ඒ සඳහා ඔහුට අයත් නයින් එම් එම් වර්ගයේ ගිනි අවිය රැගෙන පිරිසිදු කරන අවස්ථාවේදී අත් වැරදිමකින් එය ක්‍රියාත්මක වී ඔහුගේ වම් අතේ අල්ලට හා වැලමිට ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා සතුව තිබෙන එම ගිනි අවියට නීත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (1)

ගිනි අවිය සුද්ද කරන්න ගිහින් වෙඩි වැදිලා

අබිලින් Thursday, 04 January 2024 07:58 AM

අවියේ උණ්ඩ ඇතිබව අමතක වෙලා වෙන්න ඇති .පිරිසිදු කරන්න ඉස්සර වෙලා උණ්ඩ ඉවත්කරන්න කියලා පුහුණුවක් දෙනවා නම් කියලා දෙන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site