(නිමල කොඩිතුවක්කු)
අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරන බවත් සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කීවේය.
මේ අවස්ථාවේ රජයේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම වුවත් පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත වී පවුල් පිටින් සුරසැප ජීවිත ගත කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘
කෑලිකන්දේ සිරිපාල Wednesday, 03 January 2024 10:07 PM
අල්ලට සිගාවත් රසනැති කැවිලි කකා වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුනෙන් වකා ඇල්මෙන් වැඩ කරව් මෙරට වැඩ තකා
latha Thursday, 04 January 2024 12:55 AM
ඇත්තටම කියමුකෝ බලන්න ඔහේගේ තාත්ත අඹන්පොළ වත්ත ගන්න සල්ලි හොයාගත්තු විදිහ. ඒ වගේම ඔහේව එංගලන්තේ ඉස්කෝලේ යවන්න සල්ලි හොයාගත්ති විදිහ . අනුන්ට ඇඟිල්ලක් දික්කරනකොට තමන්ට ඇඟිලි 4 ක් දික්වෙනවා කියන්නේ ඕකට .
දහනායක ජයවර්ධනකන්ද Thursday, 04 January 2024 07:02 AM
ඒක වෙන්න ඇති කොළඹ සජබ සංවිධායක කෙනෙක් එජාපයට යන්න ඇත්තෙ .කොහොම වුනත් විනායකතුමා 1952 හිටපු සමාජවදයෝ එකල ඇතිකල සහනාධාර ගෙවියයුතු න්‍යාය නිසා රට හදන්න අමාරුව ඇතිවුණා දැන්වත් ඔය සමුර්ධි වගේ අතපය හකුලාගෙන දණිස්දෙක අස්සෙ ඔලුව ගහගෙන රජයෙන්ම පෝෂණය ලැබිමට සිටින පිරිස් සංවර්ධනය සදහා යොමුකිරීම කරන්න ඕන ඔහේගෙ පප්පගෙ කාලයේ දිළිඳු සහන කියල දුන්නු ආධාර සදහා රටේ සංවර්ධනය සදහා කටයුතු කරන්න නියම කලා තනිකරම දේශපාලන වාසියට ඇතිකල ඇස්බී ක්‍රමය කම්මැලියන් හැදෙන්න හේතුවක් වුනා දැන් ඇතිකර තියෙන ඇස්වැසීම ඇති හැකි එවුන්ටත් දෙනවා ඔහොම පුලුවන්ද රටේ සංවර්ධනය කරන්න මහත්තයෝ බලලෝභී නොවී රට හදන්න කටයුතු කරන්න මම හිතන්නේ ඔබ බෞද්ධයෙක් නම් නිගන්ඨනාථ පුත්තගේ ආගමික ක්‍රමයට නොවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කල ක්‍රමයට රටේ සංවර්ධනය කරන්න ඕන
City Thursday, 04 January 2024 07:52 AM
ඔබව නිරාවරණය නොකරන්න.
Chandima Thursday, 04 January 2024 08:50 AM
ඕවා ඉතින් දැන් ඉන්න උන්ගේ විතරක් නෙමෙයි මහ උන්ගේත් වැරදි .අපි ඒවාට පව් ගෙවනවා
Aravinda Monrawila Thursday, 04 January 2024 01:32 PM
ඔය ඇඬුවට රනිල්ට කිරි එරෙන්නේ නෑ. ඒ නිසා බොරුවට නාඬා ඉන්න.